කීරි සම්බා හිඟය මාෆියාවක් – කෘෂිකර්ම අමාත්‍යාංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල වෙළෙඳ පොලේ කීරි සම්බා සහල් වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මා‌ෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති අතර , අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රටේ තිබුණත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳ පොලට සැපයීම අවම කර ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.

කීරි සම්බා අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුණත්, මේ වනවිට කීරි සම්බා සහල් කිලෝව රුපියල් 305-310 වශයෙන් මිලකට අලෙවි වන අතර, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වැටලීම් කළද බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බව ,කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...