නායකත්වය ගැන බලපෑම් තිබුණේ නෑ – මහේල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (12) දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන කියා සිටියේ, දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන ලෙස කිසිදු බලපෑමක් නොතිබුණු බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන,

දසුන් නායකත්වයෙන් අයින් කරන්න කියලා බලපෑමක් තිබුණේ නැහැ. දසුන් ආබාධායකට ලක්වුණා. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව තමයි ක්‍රියා කළේ. එයා ගේ පාදයේ ආබාධයක් තිබුණා. ඒකට සුමාන දෙකක් හෝ තුනක කාලයක් යනවා කියලා අපිට වෛද්‍ය උපදෙස් ලැබුණේ. ඉතින් ඒ අනුව තමයි අපිට අපේ කණ්ඩායමේ සංයුතිය හදලා තිබුණේ දසුන් එක්ක. ඒ අනුව 15 සංචිතයෙන් එළියට දාලා චාමික ව ගේන්න වුණා. මොක ද චාමික හිටියේ නැහැ 15 තුන් ඉරියව් ක්‍රීඩකයාව ගේන්න වුණා. නැත්නම් අපිට අර සංයුතිය හදාගන්න බැහැ. ඉතින් ඒ අනුව තමයි ඒ තීරණය ගත්තේ. දසුන් කණ්ඩායම සමඟ තියා ගන්නේ ඔහු හොඳ වුණොත්. අපි කණ්ඩායමේ දැක්ක දෙයක් තමයි කණ්ඩායමේ ආබාධ ගොඩකට ලක්වුණා. ඒ අවස්ථාක දී දසුන් ආයේ හොඳ වුණොත් අපිට ඔහු ව නැවත් අදේශ කිරීමේ හැකියාව තිබෙනවා. ඔහු කණ්ඩායමත් සමඟ පුහුණුවීම්වල නිතර වුණොත් ඒ අනුව තමයි ඒක තීරණය ගත්තේ. ඔහු පුහුණුවීමක් කරද්දි ඒකේ ප්‍රොසෙස් එකක් තියෙනවා දුවන්න පටන් ගන්නේ කවද්ද හීමිට දුවන එක ඊට පස්සේ එන්න එන්න ඉන්ටන්සිටි එක වැඩි කරලා පුහුණු කරන එක ඒ අනුව තමයි මේවා වුණේ. දවස් 10ක් 12ක් වගේ යද්දි ඔහු පූර්ණ සුවය ලැබුවා පන්දු යවන්න පටන් ගත්තා. මොකද අපිට ට්‍රැවලින් රීසව්ලා දෙන්නෙක් හිටියා. ඔවුනුත් අපිත් එකක් දිගටම පුහුණුවීම්වලට ගියා. පුහුණුවීම් කටයුතුවල යෙදුණා. ඒ අනුව තමයි දසුන් ව අපි තියාගත්තේ වෙන අරමුණක් තිබුණේ නැහැ. මොකද අපි බලන්නේ කණ්ඩායමේ ඉන්න හැම ක්‍රීඩකයම ඒ අනුව ඒකට යොදාගන්න.” ලෙස ඔහු පැහැදිළි කළේය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...