*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

රැදවියන්ගේ කලා මංගල්‍යය ලලිත සිර සර 02 ප්‍රසංගය දා…

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බන්ධනාගාර දෙපාතර්මේන්තුව විසින් නවමු අදහසක් ලෙස ලොවට හඳුන්වා දුන් ප්‍රාසාංගික අත්දැකීමක් ලෙස රැඳවියන්ගේ දස්කම් හඳුනා ගැනීමේ තෝතන්නක් වූ “ලලිත සිර සර II” ප්‍රසංගය 2023.11.10 දින නෙළුම් පොකුණ රඟහලේ දී සාර්ථකව සමාප්තිය සනිටුහන් කළේය.

සිපිරිගෙය කටුක අත්දැකීමක් බව සැබෑය. නමුත් ඒ අමිහිරි මතකය ඔස්සේ කඳුලු සමඟ ඔවුන්ගේ ජීවිත දියවන්නට බන්ධනාර දෙපාර්මේන්තුවේ කාරුණික හදවත් ඉඩ දුන්නේ නැත, ඔවුන්ට නවත නගිටින්ට අත්වැලක් විය ආත්මශක්තිය දෛර්‍ය නිරන්තරයෙන් ලබා දුන්නේය. ලලිත සිර සර ද එහි එක් පැතිකඩක් කීවොත් නිවැරදිය.

දැන හෝ නොදැන යම් පුද්ගලයකු විසින් සිදුවන වරදක් උදෙසා බන්ධනාගාරගතවන රැඳවියන් පුනරුත්ථාපනය කර යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම බන්ධනාගාර දෙපාතර්මේන්තුවේ සුවිශේෂි අරමුණක් වේ.

එවැනි අරමුණු ඔස්සේ ගමන් කරන බන්ධනාගාර දෙපාර්මේන්තුව විසින් රැදවියන්ගේ දස්කම් විස්කම් ඔස්සේ විවිධ පැතිකඩයන් ඔස්සේ හඳුනා ගැනීමට දරනු ලබන ප්‍රයත්නයන් අතර රැඳවියන් කලාවට හා රසවින්දනයට යොමුකිරීම එවැනි එක් ප්‍රධන අංගයකි.

ඒ අනුව බන්ධනාගාරතව සිටින නේවාසිකයින්ගේ සහ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ සහජ හැකියාවන් හඳුනාගනිමින් ගායනයට, රංගනයට, වාදනයට හා නර්තනයට ඔවුන් තුළ ඇති කුසලතාවයන් තවදුරටත් ඔප මට්ටම් කරමින් කරලියට ගෙන එනු ලැබු “ලලිත සිර සර II” ප්‍රසංගය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සිරකරු සුභසාධක සංගමය (වැලිකඩ උප කමිටුව) එක්ව සංවිධානය කරන ලද අති සාර්ථක ප්‍රසංගයකි.

මෙම ප්‍රසංගය යේදී බන්ධනාගාරගත නේවාසිකයින් ගායන, වාදන, නර්ථන, රංගන, අංගම් පොර හා තාල වාද්‍යය අංගයන් ඉදිරිපත් කරමින් පැමිණි සිටි ආරාධිත අමුත්තන් හා ප්‍රේක්ෂකාගාරය අමන්දානන්දයට පත් කළ අතර බන්ධනාගාර නිලධාරීන් රැසක්ද මෙහි දී තම කුසලතාවයන් ඉදිරිපත්කළේය.

ප්‍රවීණ කලා කරුවන් වන ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් මහතා, ගායන ශිල්පිනි විශාරද සමිතා එරන්දති මුදුන්කොටුව මහත්මිය වැනි ප්‍රවිණයන් ප්‍රසංගය තවදුරටත් විචිත්‍රවත් කළහ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මුලිකත්වයෙන් සංවිධානය කරන්නට යෙදුණු මෙම වැඩසටහන සාර්ථකව නිමකිරීම සඳහා විශ්‍රාමික අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, වර්තමාන අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි.උඩුවර මහතා, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී බී දිසානායක මහතා, ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා, සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රසාද් ප්‍රේමතිලක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු බන්ධනාගාර නිලධාරීන් විශාල දායකත්වයක් ලබා දී ඇත.

ගායනය හා වාදන අංගයන් සඳහා ප්‍රවීන ගායන ශිල්පී කිර්ති පැස්කුවෙල් මහතාද, බටහිර නර්ථන අංගයන් සඳහා සුපුන් අබේසිංහ මහතා හා දිල්ෂි ශ්‍යාමා මහත්මිය ප්‍රමුඛ Island Stompers නර්ථන කණ්ඩායමද, සංස්කෘතික නර්ථන අංගයන් සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නැටුම් කණ්ඩායමද, අනෙකුත් නර්ථන අංගයන් සඳහා නර්ථන ආචාරිනි නදීකා පෙරේරා මහත්මියද, වේදිකා නාට්‍ය ගී අංගයන් හා රංගනය සඳහා ප්‍රවීණ රංගධර ආචාර්ය සනත් විමලසිරි මහතා හා සම්මාණනීය රංගන ශීල්පිනී උමාලි තිලකරත්න මහත්මියද, බෙරවාදන අංගයන් සඳහා නාද්‍රෝ නිර්මාතෘ සහ නිර්මාණ අධ්‍යක්ෂ භේරි වාද්‍ය ශිල්පි රඛිත වික්‍රමරත්න මහතාද, ගීත පුහුණුවීම් (බටහිර) අංගයන් සඳහා ගායිකා අශාන්ති ද අල්විස් මහත්මියද, අංගම්පොර අංගයන්ට ප්‍රවීණ අංගම්පොර සටන් කලා අධ්‍යක්ෂ සදුන් ප්‍රනාන්දු මහතාද, නේවාසික වාද්‍ය වෘන්දය මෙහෙයවීම හා ගායනා පුහුණු කිරීම සඳහා පුනරුත්ථාපන නිලධාරී විශාරද මුදිත ප්‍රභාත් එරත්න මහතාද උපදේශකත්වය හා මඟපෙන්වීම සිදුකර ඇත.

ප්‍රසංගය මෙහෙයවීම ප්‍රවීණ නිවේදක කමල් කාරියවසම් මහතා හා ප්‍රවීණ නිවේදිකාවන් වන ස්ටේෆ්නි සිරිවර්ධන හා වාසනා ලක්මාලි යන මහත්මීන් විසින් සිදුකරන ලදි.

මෙම අවස්ථාව සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා හා රාජ්‍ය අමාත්‍ය අධි නීතිඥ අනුරාධ ජයරත්න මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, ජ්‍යෙෂ්ඨ කලාකරුවන්, විද්වතුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan