හෙට පාර්ලිමේන්තුවට එන අය – වැයේ කතාව සුබ වෙයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන වසර 2024 සඳහා ජනාධිපතිවරයා විසින් හෙට දිනයේ (13) දහවල් 12.00 ට මුදල් ඇමැතිවරයා ලෙස විසර්ජන කෙටුම්පත (අයවැය) ඉදිරිපත් කිරීමට නියමිතය.

අනිද්දා දින (14) අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරෙන අතර ,එම විවාදය ලබන 21 වැනිදා දක්වා දින හතක් එක දිගට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය කියා සිටියාය.

අයවැය දෙවෙනි වර කියවීමේ ඡන්ද විමසීම මෙම මස 21 වැනිදා අඟහරුවාදා සවස 6.00 ට පැවැත්වීමට නියමිත අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය මෙම මස 22 වැනිදා බදාදා සිට ලබන මස 13 වැනිදා බදාදා දක්වා ( ඉරිදා දින හැර) දින 19 ක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ( අවසාන ඡන්දය) ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00 ට පැවැත්වේ.

තවද, රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14 ක් සහ විශ්‍රාමිකයන් ලක්‍ෂ 6 ක් වශයෙන් ලක්‍ෂ 20 ක පමණ පිරිසකට මෙවර අයවැයෙන් වැටුප් වැඩිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තාවේ. රාජ්‍ය සේවක සහ විශ්‍රාමික වැටුප් වැඩිවීමට අමතරව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්‍ෂ 10 කට සහන සැලසීමට ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම රාජ්‍ය වියදම් කාර්යක්‍ෂමව කළමනාකරණය කරන අතරම රාජ්‍ය බදු ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීමට හෙට (13දා) ඉදිරිපත් වන අය වැයෙන් ප්‍රමුඛ අවධානය යොමු කර ඇත.

මේ අනුව වැට් බදු වැඩකිරීම ඇතුළු නව බදු ආදායම් යෝජනා කිහිපයක් අය වැයෙන් ඉදිරිපත්වන අතර දැනට ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක කිරීමට ද අය වැයෙන් අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

තවද වර්ෂ තුනක (2024 – 2026) යන වර්ෂ තුනක මැදිකාලීන රාමුවක් තුළ අයවැය සැකසෙන අතර, ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කර ගැනීම සඳහා සැලසුම් කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති බවද තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...

Clean Sri Lanka යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ඇරඹේ!

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ...