ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

අද(13) උදෑසන සිට 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ආරම්භ වේ.

මධ්‍යස්ථාන 49 කදී එම කටයුතු සිදුවන බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය ,

මධ්‍යස්ථාන 13314ක් සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සිදුවන බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව, 8352 කි.ඉන්, අපේක්ෂකයින් 5006ක් ඉදිරිපත්ව සිටින්නේ පක්ෂවලිනි.

ස්වාධීන අපේක්ෂකයින් ගණන 3346ක් වන අතර, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම හෙට(14) උදෑසන 7.00ට ආරම්භ වේ. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 171,403,54 ක් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව තරගාවලිය සම කරයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 10, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

“දිට්වා” මෙරට තේ කර්මාන්තයට බලපෑවේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඩිට්වා සුළි කුණාටුව...

ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් ඇතුළු සිව් දෙනා නිදොස් කොට නිදහස්!

කොළඹ LNW:ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු මහ බැංකු...