ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සහ චිලව් මේරියන්ස් පළමු වටයෙන් පෙරමුණට -සුගන්ධිකාගෙන් සහ රිශ්මිගෙන් විශිෂ්ඨ පන්දු යැවීම්.

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 13,(LNW) කොළඹ :

කාන්තා ක්‍රිකට් ක්‍රීඩා සමාජ අතර පවත්වන පන්දු වාර 50 තරගාවලියේ පළමු වටයේ තරග නිමාවේ දැක්වෙන ලකුණු සටහන අනුව ඒ කාණ්ඩයෙන් චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා කණ්ඩායමත්,බි කාණ්ඩයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත් පෙරමුණට පැමිණ තිබෙනවා.


තරගාවලියේ බොහෝ තරගවලට වර්ෂාව විශාල බාධාවක් වූ බැවින් අවසාන සතියේ තීරණාත්මක තරගවලදී බොහෝ ප්‍රබල කණ්ඩායම් පිත්තට වඩා පන්දුව සම්බන්ධයෙන් විශ්වාසය තබා ප්‍රතිවාදීන් අඩු ලකුණු ගණනකට සීමා කරන්නට පළමුව පන්දු යැවීම කෙරෙහි උනන්දු වන බවක් දකින්නට තිබුණා.ඒ ප්‍රතිපලයක් ලබා ගෙන සිය කාණ්ඩායේ ඉදරියට පැමිණිමේ අපේක්ෂාව ඇතුවයි.ඒ නිසා පන්දු යවන්නන්ගේ දස්කම් විශාල වශයෙන් දකින්නට ලැබුණු ඉකුත් සතියේ ඒ අතරින් කැපී පෙණෙනම පන්දු යැවීම සිඳු කරන්නට සමත් වුණේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ සුගන්ධිකා කුමාරි සහ පානදුර කීඩා සමාජය නියෝජනය කරන රිහ්මි සංජනා යි.සුගන්ධි බීආර්සී කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ට කඩුලු 6 ක් දනා ගනිද්දී රිශ්මි එන්සීසී කණ්ඩායමට එරෙහිව ලකුණු 8 ට කඩුලු 6 ක් ලබා ගන්නට සමත් වුණා.


ත්‍රිවිධ හමුදා කණ්ඩායම්වල සංචිත ප්‍රබල ක්‍රීඩිකාවන් වැඩි දෙනෙකුගේ නියෝජනය සිඳුවන කණ්ඩායම් වන අතර අන් කණ්ඩායම් නියෝජනය කරන්නේ බොහෝ විට අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් සමඟ මෑත කාලීනය ඉදරියට පැමිණි ක්‍රීඩිකාවන්.ඒ අතරින් ප්‍රබලයන්ට අභියෝගයක් විය හැකි මට්ටමෙන් තම දස්කම් කළමණාකරනය කර ගනිමින් සිටින ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් දකින්නට ලැබීම සතුටුදායක තත්ත්වයක්.
ප්‍රබල ක්‍රීඩිකාවන් ත්‍රිවිධ හමුදා කණ්ඩායම් නියෝජනය කරන තත්ත්වයක වුව කවීශා ගයත්‍රි තමන් නායකත්වය දෙන චිලව් මේරියන්ස් කණ්ඩායම ඒ කාණ්ඩායේ පෙරමුණේ රඳවන්නට සමත්ව තිබෙනවා.ඇය පහසු තරගවලදී පන්දු යැවීමේ කාර්ය සම්පූර්ණයෙන්ම අත හැර දමා සිය කණිටු ක්‍රීඩිකාවන් මෙහෙයවමීන් ප්‍රතිවාදීන් මර්ධනය කිරීමත් කැපී පෙනෙනවා.


පහතින් දැක්වෙන්නෙ මූලික තරග වටය නිමාවේ ඒ ඒ කණ්ඩායම් සිය කාණ්ඩවල ලබා ඇති ස්ථානයි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...