රශ්මි බහරේන් ප්‍රධාන වටයට ඉහළින්ම සුදුසුකම් ලබයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 13,(LNW) කොළඹ :

බහරේන් හී මැනාමා හී පැවත්වෙන බහරේන් ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන රශ්මි මුදලිගේ සුදුසුකම් ලැබීමේ වටයේ ජයග්‍රහණ දෙකක් සමඟ අද ආරම්භවන ප්‍රධාන තරගාවලිය නියෝජනයට සුදුසුකම් ලබා ගත්තාය.රශ්මි විසින් මේරියම් අල්කාබාස් ලකුණු 21 – 0 සහ 21 -2 ක් ලෙස පරාජය කළ අතර ඉනික්බිතිව දුර්රා අල්කාබාස් 21-1 සහ 21 – 0 ක් ලෙස ද පහසුවෙන් පරාජය කළාය.


මේ තරගාවලිය නියෝජනය කරන කාන්තා ක්‍රීඩිකාවන් අතර අංක දෙකට ශ්‍රේණිගතව සිටින්නී රනිත්මා ලියනගේ ය.පෝලන්ත ක්‍රීඩිකාවක් වන වික්ටෝරියා ඩබ්ක්ෂින්ස්කා මෙම තරගාවලියට එකතු වන ක්‍රීඩිකාවන් අතර අංක එක දරන්නීය.


පිරිමි තරග අංශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් තරග බිමට පිවිසෙන අතර ආශිංසන හේරත්,තිළින රාජකරුණා සහ රෙෂාන් දිඹුක්කුවෙලගේ එම ක්‍රීඩකයින් තිදෙනායි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...

සුමන්තිරන්ලාගේ හර්තාලයට බාල්දි පිට බාල්දි!

කොළඹ LNW:උතුරු නැගෙනහිර ප්‍රදේශවල අද (18) පැවැත්වීමට නියමිත හර්තාල්...