30ට කලින් හිඟ බදු නොගෙව්වොත් බලපත්‍ර අහෝසියි.වැඩිම බදු පොල්ල මෙන්ඩිස් සමාගමෙන්!

Date:

කොළඹ LNW:එළැඹෙන (30) පෙර හිග බදු මුදල් ගෙවන ලෙස ඩබ්.එම්. මෙන්ඩිස් සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු අරක්කු නිෂ්පාදන සමාගම් පහකට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව අවසන් නිවේදන නිකුත් කර තිබේ.

ලබා දී තිබෙන කාල සීමාව තුළ දී හිග බදු මුදල් නොගෙවන්නේ නම් එම සමාගම් සදහා අරක්කු නිෂ්පාදනය කිරීමට ලබා දී තිබෙන බලපත්‍ර අහෝසි කරන බවයි ද සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

අදාල සමාගම් පහ විසින් නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 8.5 ක් බව සඳහන්.

සමාගම් පහ විසින් නොගෙවා ඇති රුපියල් බිලියන 8.5 ක මුදලෙන් වැඩිම හිග බදු ප්‍රමාණයක් නොගෙවා ඇති සමාගම ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම වන අතර මෙන්ඩිස් සමාගම විසින් ගෙවිය යුතුව ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 5.5 ක් බවයි දැක්වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...