ට්‍රම්ප් ඊලෝන් මස්ක්ව රාජ්‍ය පරිපාලනයට ඈදා ගනී. අලුත්ම තනතුරකුත් දෙයි!

Date:

කොළඹ LNW:ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධූර කාලයේ රාජ්‍ය පාලනය වෙනුවෙන් ලොව ධනවතා ලෙස සැලකෙන නව තාක්ෂණයේ නව ප්‍රවණතා හඹා යන්නෙකු වන ඊලෝන් මස්ක් සෘජුවම සම්බන්ධ කර ගෙන තිබේ.

රාජ්‍ය කාර්යක්ෂමතාව නැංවීම සඳහා “Department of Government Efficiency” ලෙස රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කොට එහි ප්‍රධානත්වය ඊලෝන් මස්ක් වෙත තිබේ.

ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වූ රාජ්‍ය කාර්යක්ෂමතාව නැංවීම වෙනුවෙන් රජයේ තනතුරු 100,000ක්හැ කපා හැරීමේ පොරොන්දුව ඉටු කිරීම මස්ක්ගේ කළමනාකරණ හැකියාව මත සිදුකිරීමට ජනාධිපති ට්‍රම්ප් සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල හිමිකරු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ඊලෝන් මස්ක් ව්‍යාපාරිකයෙක් සහ ආයෝජකයෙක් ලෙස ලොව ඉහළම අවධානයක් යොමුකර ගෙන සිටින අතර ඔහුගේ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 304ක් ලෙස දැක්වෙයි.

ඉලක්ක හඹා යාමේදී ඉතා සාර්ථක පුද්ගලයෙක් ලෙස සැලකෙන් ඊලෝන් මස්ක් ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සක්‍රීයව මැදිහත්වූ අයෙක් ලෙසත් සැලකෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...