කොකේන් ගුලි තොගයක් ගිල පැමිණි විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට!

0
209

කොළඹ LNW:කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තුර්කියේ සිට අද (13) අළුයම දිවයිනට පැමිණි සියෙරාලියෝන් ජාතිකයෙකි.

ඔහු කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත පර්යන්තය ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටතට යාමට උත්සහ කර තිබෙන අතර ඔහු පිළිබඳ සැක සිතු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකකරු පරීක්ෂා කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත සැකකරුව භාරදීමෙන් අනතුරුව ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම පුද්ගලයා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80ක් පමණ ගිලදමා ඇති බව හෙළිදරව් වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ