පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අවසන්!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

නොවැම්බර් 13, (LNW)කොළඹ:මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදා හැරීම මේ වන විට අවසන් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

ඡන්ද විමසීමේ කටයුතු වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සම්පාදනය කොට ඇතැයි ද ඒ මහතා කීවේය.
තේරීම්භාර නිලධාරී, චන්දන තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවකදීය.

මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද 11 ලක්ෂ 91 399ක් ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 890ක් තුළදී හෙට දිනයේ ඡන්ද විමසීම සිදුවේ.

පොල්ගොල්ල විවෘත විශ්ව විද්‍යාලය, උයන්වත්ත මහවැලි විද්‍යා පීඨය, පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනය සහ ජාතික තරුණ සේවා සභාව යන ස්ථානවලදී ඡන්ද පෙට්ටි බෙදා හැරීම සිදුවිය.
මැතිවරණ ක්‍රියාවලිය සඳහා නිලධාරීන් 15 000ක් ද ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000ක් සහ විශේෂ කාර්යය බලකා නිලධාරීන් 300ක් සේවයේ යොදවා ඇතැයි ද තේරීම්භාර නිලධාරිවරයා පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...