හැම පුරවැසියෙක්ම ඡන්දය පාවිච්චි කරන්න – ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයෙන් ඉල්ලීමක්!

Date:

කොළඹ LNW:මෙවර මහ මැතිවරණයේ දී සෑම පුරවැසියෙක්ම තම පරම අයිතියක් වන ඡන්දය අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ලෙස ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහනායක කිංස්ලි වීරසිංහ දේවගැතිතුමා පැවසූහ.

පසුගිය ජනාධිපතිවරණයත් මෙවර මහ ඡන්දයත් ඉතාම සාමකාමීව පැවැත්වීමට ක්‍රියා කළ සියලු දෙනාටම සමස්ත රටේ ගෞරවය හිමිවන බවයි දේවගැතිතුමන් සඳහන් කළේ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (13) ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එසේම මෙවර මහමැතිවරණයේ දී තම නියෝජිතයන් තෝරා ගැනීමේ දී චෝදනා රහිත,පළපුරුදු පරිණත අය සේම උගත් බුද්ධිමත් තරුණ පරපුර දෙස ද අවධානය යොමු කරන ලෙසත් වි⁣ශේෂයෙන් කාන්තා නියෝජනය ගැන අවධානය යොමු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

නොසලකා හැරීමට ලක් වී ඇති ජනතාව ගැන, ප්‍රතිසංධානය ගැන, පරිසරය ගැන ගැඹුරින් සලකා බලන අය මෙවර පාර්ලිමේන්තුවට තෝරා යැවීමට ද ජනතාව අවධානය යොමු කළ යුතු බව එහිදී දේවගැති ආචාර්ය ක්‍රිසෝ කුමාර් හැන්ඩි දේවගැතිතුමා පැවසූහ.

මෙහි දී ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ මහලේකම් සුජිත සිවඥානගම් පියතුමා ද එම මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරක රැල්ස්ටන් වයමන් මහතා ද ලංකා සභාවේ කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගු පියතුමා ද අදහස් දැක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...