දේශපාලනඥයකුගේ නම ඈඳුණු තවත් ජීප් රථයක් තංගල්ලෙන් හමුවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද වාහනයක් අදාළ නිවසේ සඟවා ඇතැයි පොලීසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) පස්වරුවේ මෙම වැටළීම සිදුකර ඇති අතර එම ජීප් රථයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලේඛන කිසිවක් ඔවුන් සන්තකයේ තිබී නැත.

මෙම ජීප් රථයේ අයිතිකරු ලෙස සැලකෙන ඇඹිලිපිටිය, පල්ලේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු නීතීඥයකු මාර්ගයෙන් මාතර පොලීසියට බාරවී ඇති අතර ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ජීප් රථය සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර මෙහි වත්මන් හිමිකරු මෙය මිලදීගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් බවත් සඳහන්. එම වාහන අලෙවි ස්ථානයට කළුතර ප්‍රදේශයේ ප්‍රකට දේශපාලනඥයෙකුගේ ඥාති සම්බන්ධතාවක් ද ඇති බවක් කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතාවක සභාව පිහිටුවීම: සර්වජන බලයේ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමට පැවති ඡන්ද...

අවුල් මැදම සීතාවක සභාවේ බලය පිහිටුවයි!

කොළඹ LNW:සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම අද (18) සිදුකර...

ජේෂ්ඨ සම්මානනීය ගුවන්විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි ගමන නිම කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : ජේෂ්ඨතම සම්මානනීය ගුවන්විදුලි...

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපත් අහෝසියි!

කොළඹ LNW:පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත්...