සුඩාන ගැටුම් වල නිරත කණ්ඩායම් වෙත අවි ආයුධ සැපයීම නවත්වන්න – ජගත් සංවිධානය

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජගත් සංවිධානය, සුඩාන ගැටුම් වල නිරත කණ්ඩායම් වෙත අවි ආයුධ සැපයීම නවත්වන්නැයි ඉල්ලා සිටින අතර, එක්සත් ජාතීන්ගේ උප ලේකම් රෝස්මරී ඩිකාලෝ මේ බව ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ.ඇය එම ඉල්ලීම කළ ද එලෙස ආයුධ සපයන රටවල් නම් කර නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ සුඩානයේ ගැටුම් වල නිරත මිලිටරි හා පැරාමිලිටරි හමුදාවන්ට අඛණ්ඩව ආයුධ සැපයීම තුලින් බොහෝ පිරිසක් මිය යාමට එය හේතුවක් වන බවයි. 2023 අප්‍රේල් 15 වන දා සිට සුඩානයේ සිවිල් යුද්ධය ආරම්භ වුණේ මොහොමඩ් හම්දාන් හා අබ්දෙල් ෆටා අල්-බුර්හාන් යන නායකයන්ගේ බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි.

එම ගැටුම් වලින් මේ වන විට 24,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන 11 ක ජනතාවක් අවතැන් ව සිටින බව වඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල් සහ මහවත්ත එකම ගුවන් යානයෙන් රුසියාවට

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ...

බාල පොත් වෙනුවට සාහිත්‍ය කෘති පළකරන්න – සත්‍යපාල ගල්කැටිය

නොවැම්බර් 13, කොළඹ LNW: මගේ පොත් කියවීමේ සංචාරය ඇතුළෙ මං...

ජීවිතයේ ආලෝකය රැක ගැනීමට අදම පියවර ගනිමු: ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW: දියවැඩියාවේ නිහඬ තර්ජනය: ඔබත්...

ඇෆ්ගනිස් කාන්තාවන්ට පිරිමි වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීම තහන්ම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය...