කඩාකප්පල්කාරී දෙයක් වුණොත් ජන්දය කැන්සල්!

Date:

කොළඹ LNW: හෙට (14) පැවැත්වීමට නියමිත පාර්ලි­මේන්තු මහ­මැ­ති­ව­ර­ණ­යේදී කිසි­යම් ඡන්ද පොළක කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එම ඡන්ද මධ්‍ය­ස්ථා­නයේ ඡන්ද විම­සීම ශුන්‍ය කරන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා අව­ධා­ර­ණය කරයි.

එබැ­වින් නිද­හස් හා සාධා­රණ මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම උදෙසා කැප­වීම සියලු පුර­වැ­සි­යන්ගේ වග­කී­මක් බවත් ඡන්ද අයි­තිය ආරක්ෂා කර ගැනීම වෙනු­වෙන් කැප­විය යුතු බවත් රත්නායක මහතා කියා සිටියි.

”යම් ඡන්ද පොළක කඩා­ක­ප්ප­ල්කාරී සිදු­වී­මක් සිදු වුව­හොත් එම ඡන්ද පොළේ ඡන්ද විම­සීම ශුන්‍ය කිරී­මට මැති­ව­රණ කොමි­සම පිය­වර ගන්නවා. විශේ­ෂ­යෙන්ම නීතිය තදින් ක්‍රියා­ත්මක කරන ලෙස ආර­ක්ෂක අංශ­ව­ලට උප­දෙස් දී තිබෙ­නවා. සාමය ආරක්ෂා කිරී­මට පොලී­සිය හා විශේෂ කාර්ය බළ­කාය යොදවා තිබෙ­නවා. ඒ වගේම ඕනෑම හදිසි අව­ස්ථා­වක කැඳ­වීම වෙනු­වෙන් ත්‍රිවිධ හමු­දාව සූදා­න­මින් සිටි­නවා. ඡන්දය පාවිච්චි කිරී­මෙන් පසුව නිවෙ­ස්වල රැඳී සිටින්න. ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය නිවැ­ර­දිව ගණන් කිරී­මට මැති­ව­රණ කොමි­ෂන් සභාව බැඳී සිටි­නවා. ඒ නිසා මැති­ව­රණ කොමි­ෂන් සභාව කෙරෙහි විශ්වා­සය තබන්න. ආර­ක්ෂක අංශ අවශ්‍ය ආර­ක්ෂාව සප­ය­නවා.”

මේ අතර හෙට දින පෙරවරු 07.00ට ජන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිත අතර එය පස්වරු 04.00දක්වා පැවැත්වීමට නියමිතයි.]

ජන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ පසු පස්වරු 04.15 තැපැල් ජන්ද ගණන් කිරීම ආරම්භ කරන අතර ජන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත ලැබීමෙන් පසු පස්වරු 07.15 පමණ වන විට එම ජන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වේල්ල ගැන කටකතා පැතිරු පුද්ගලයාට වැඩ වරදියි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කොත්මලේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය කටකතාවක්...

විපතේදී අපිව අත් නොහැරි එක්සත් අරාබි එමීර් රාජ්‍යය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : ලොව විශාලතම කාගෝ...

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...