ආරුගම්බේ වෙත පනවා තිබුණු සංචාරක සීමා ඇමරිකාව ඉවත් කරයි!

Date:

කොළඹ LNW:ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් පැවති ප්‍රහාරයක අවදානමක් හේතුවෙන් ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඇමෙරිකානු තානාපති කාර්යාලය එම සංචාරක සීමාව පැනවූයේ පසුගිය ඔක්තෝම්බර් 23 වැනිදාය.

එම සීමාවන් මේ වන විට ඉවත්කර ඇති හෙයින් ශ්‍රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවයි එම තානාපති කාර්යාලය පවසන්නේ.

එම ප්‍රහාරයක සැලසුම් සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතරින් එක් අයෙක් මාලදිවයින් ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

කෙසේවෙතත් ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පවතින බවට ලද බුද්ධි තොරතුරු අනුව එම ප්‍රදේශය ඇතුළු සංචාරක මර්මස්ථාන ඇතුළුව සංචාරක හෝටල් සඳහා ද ආරක්ෂක වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කර තිබුණු අතර එළඹෙන සංචාරක සමයට අදාළවද රට පුරා ආරක්ෂක සැලසුමක් ක්‍රියාත්මක වන බවද පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...