ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

Date:

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ ඒ අරගලය දෙස විවේචනාක්ෂියෙන් බලන තැනක.. එතනදි පවා මම ඉන්නෙ අරගලය මෙහෙයවූ දෘෂ්ටිවාදය මිසක් කිසිවිටෙකත් අරගලකරුවන් විවේචනය කරන අස්තානයකත් නෙමේ..

අදටත් මගේ ආත්මය ඇතුලෙ ඒ අරගලයෙන් මියගිය, අතපය කඩාගෙන හිරගෙවල්වල ලැගපු සගයන් සමඟ මොකක්ද කඩාගන්ට බැරි ආත්මීය බොන්ඩ් එකක් තියෙනවා… මට මේ ලිපිය ලියන්ට හිතුනෙත් ඒ නිසා..

අපි උතුරේ සන්නද්ධ අරගලය දිහා බැලුවොත් ඒක පරාජයවෙලා සුන්නද්දූලිවෙලා අවුරුදු කීපයකුත් ගතවෙලා.. හැබැයි උතුරෙ සමාජය තුල ඒ අරගලය මහ ඉහලින් සැමරෙනවා.. අරගලයෙන් මියගිය අයගෙ දරුපවුල් ඩයස්පෝරාවල් විසින් සහ අනික් අය බලාගන්නවා..

හැබැයි දකුණෙදි ඉල් අරගලයේ වර්තමාන අනුප්‍රාප්තිකයින් ආන්ඩු බලය ලබා තිබියදීත් ඔවුන් පවා ඉල් විරුවන් වෙනුවෙන් ඝෘජුව පෙනී සිටින්නේ නෑ.. සමහර අවස්තාවල ඔවුන් අනියමින් උත්සහ කරනවා ඒ අය ඒ අරගලයට ගිය පිරිසක් නොවන බව ඇඟවීමට…

වයෝවෘද්ධව රැකබලාගන්න කිසිවෙකු නැති, කිසිකෙනෙක් බලන්ටවත් යන්නෙ නැති, අරගලය නිසාම එසේ වූ අනාථ අතීත ඉල් විරුවන් දැනුත් මේ බිමේ ඉන්නවා.. ආන්ඩුව ඒ අයගෙන් ඇතැම්මු දිහා බලන්නෙ හතුරො විදියට…

94 ඉඳන්ම බොහෝ උන් වේදිකා මත මහ ඉහලින් කල ඉල් විරු සැමරිලි වූ කලී ඉල් විරුවන් විකුනාගෙන කෑ මාකටින් එකක් පමණක්දැයි දැන් මා තුල සාධාරණ සැකයක් උපදී.

ඇත්‍තෙන්ම අද ඉල්විරුවන් වූ කලී කන්ද නැග්ග පසු හෙලට විසිකල හැරමිටියක් වැනිවූ ප්‍රපංචයකි..

ඒ කෙසේ නමුත් මම තනිවම හෝ 2025 නොවැම්බර් දහතුන එනම් අද දින ඉල් සගයන් සිහිපත් කරමි..

සදා සමරමු සොහොයුරෝ ….!

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...