සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථාන පාර්ලිමේන්තුව විසින් එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභියෝග කෙරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කරගෙන ඇති බව වාර්තා වේ.
මෙය පාකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වශයෙන් විචාරකයන් හඳුන්වන අතර මෙම නව සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය සීමා කෙරෙන බව කියැවේ.
ඒ අනුව, නව ව්‍යවස්ථා සංශෝධනය හරහා රටේ බලවත්ම පාලකයා වශයෙන් පකිස්ථානයේ හමුදා ප්‍රධානියා වන ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් පත්වන අතර ඔහු වෙත පෙර නොවූ විරූ බලතල රැසකට හිමිකම් කියනු ලබන අතර ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් අලුතින් නිර්මාණය කරන ලද ආරක්ෂක හමුදා ප්‍රධානියාගේ තනතුරට උසස් කරනු ලබන අතර, හමුදාව පමණක් නොව නාවික හමුදාව සහ ගුවන් හමුදාව ද අධීක්ෂණය කරන අතරම අපරාධ නඩු පැවරීමේ මුක්තිය ඔහුට ජිවිත කාලය පුරාම හිමිවනු ඇත.
එමෙන්ම මේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් නව ෆෙඩරල් ව්‍යවස්ථාමය අධිකරණයක් ස්ථාපිත කරනු ලබන අතර, එය ස්වාධීන අධිකරණය අඩපණ කිරීමට සමත් විය හැක. මෙම පනත් කෙටුම්පත ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් විධිමත් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත්සන් කිරීමට පෙර සුළු වෙනස්කම් සඳහා සෙනෙට් සභාව වෙත යවා ඇති අතර විරුද්ධවාදීන් පැවසුවේ මෙම නීති සම්පාදනය හමුදා පාලනය තහවුරු කිරීමට සහ පාකිස්තානය තවදුරටත් ඒකාධිපතිවාදයක් කරා තල්ලු කිරීමට පමණක් උපකාරී වූ බවයි.
1947 සිට පාකිස්ථානය දශක ගණනාවක් තිස්සේ හමුදා ජෙනරාල්වරුන් විසින් හමුදා ඒකාධිපතිත්වයන් යටතේ පාලනය කරන අතර තවමත් තිරය පිටුපස බලවත් හමුදාව විසින් බොහෝ දෑ හසුරවනු පෙණේ, ඔවුන්ගේ බලපෑම යටතේ පකිස්ථානයේ විශාලතම විපක්ෂ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI), හි නායකත්වයෙන් වැඩි කොටසක් සිරගත කර ඇති අතර පක්ෂයේ ජනප්‍රිය නායක, හිටපු අගමැති ඉම්රාන් ඛාන්, නිදහස් වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටී.
කෙසේ නමුත් මෙම සංශෝදනය සම්බන්ධයෙන් ඒකාබද්ධ ලිපියක් මගින් නීතිඥයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් 100 කට වැඩි පිරිසක් මෙම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘති කිරීමක් ලෙස හඳුන්වා තිබු අතර නීති ප්‍රජාවේ, අධිකරණයේ සහ සිවිල් සමාජයේ සාමාජිකයන් සමඟ කිසිදු අර්ථවත් විවාදයක් හෝ සම්බන්ධයකින් තොරව තනි අභිමතයට සිදුකරන ලද්දක් ලෙස විවේචනය කර තිබිණි.