වතුකම්කරු වැටුප් වැඩි කිරීම ගැන දිගම්බරන්, රාධක්‍රිෂ්ණන් ආණ්ඩුව ගැන සතුටින්. විරුද්ධ අයට දොස්!

කොළඹ LNW: 2026 අයවැය මඟින් වතු කම්කරු ජනතාව වෙත වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව මැදිහත්වීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරන්, වී.රාධක්‍රිෂ්ණන් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සිය ස්තූතිය පළකර සිටියේය.

ඒ, අද (13) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

මෙහිදී පලනි දිගම්බරන් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම වැටුප් වැඩි කිරීම පසුගිය ආණ්ඩුවවලට කළ නොහැකි වූ නමුත් වත්මන් ආණ්ඩුව එය කර ඇති හෙයින් ආණ්ඩුවට ඊට අවශ්‍ය සහය දිය යුතු බවයි.

එමෙන්ම මෙම කාර්ය විනාශ නොකරන ලෙසද ඔහු ඊට විරුද්ධ වෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

”මේ අයවැයෙන් ආණ්ඩුව වතුකම්කරු ජනතාවට් මිලියන 5000ක් වෙන්කරලා තියෙන්නේ. ඒකට අපි සතුටු වෙනවා. අපි දැනගන්න ඕනේ දන්නා ඇමති කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක දවස් 25ක් ආවොත් දෙනවද නැත්නම් එක දවසක් ආවත් දෙනවද කියල. මොකද සමහර විපක්ෂ කණ්ඩායම්, මට නමත් කියන්න පුළුවන් නාමල් රාජපක්ෂ ඒවගේම මුස්ලිම් කොංග්‍රස් කාරියප්පර් ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. මොකද මේ ජනතාවගේ බදු සල්ලි මේ කම්කරුවන්ට දෙනවා කියල. ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ කම්කරුවෝ අවුරුදු 200ක් මේ රටට හම්බුකරලා දීලා තියෙනවා. ඒක ඒගොල්ලන්ට දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ. ඒ නිසා මේ වැඩේ විනාශ කරන්න එපා. ඔයාලගේ ආණ්ඩු කාලේ දෙන්න බැරි වුණා. මේ ආණ්ඩුව දෙනවා නම් අපි සතුටු වෙන්න ඕනේ. ඒගොල්ලන්ට සහයෝගය දෙන්න ඕනේ ඒ නිසා මම මේ ජනාධිපතිට වතුකම්කරුවන්ගේ පඩි වැඩිකරපු නිසා මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් දිගම්බරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව මෙම වැටුප් වැඩිකිරීම කම්කරුවා දිනක් සේවයට පැමිණියද එය ගෙවිය යුතු බව ආණ්ඩුවේ කොන්දේසිය බව වසන්ත සමරසිංහ මහතා ආණ්ඩුව පාර්ශවයෙන් අවධාරණය කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...