විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :

අද (13) ජනතා විමුක්ති පෙරමුණේ 36වැනි ඉල්මහා විරු සමරුව එම පක්ෂයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ මියගිය පිරිස සිහිගන්වමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කෙරිණි.