නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:
BNI Indonesia International Challenge I 2025 තරගාවලිය වෙනුවෙන් අංක එකට ශ්‍රේණිගතව සිටින ඉන්දුනීසියාවේ ප්‍රරදිස්කා බගාස් ෂුවිජිවෝ සමඟ අවසන් 16 දෙනාගේ තරග වටයේදී ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ රසිඳු හෙන්දහේවාට, පැයකුත් විනාඩි පහක කාලයක් විශාල සටන් දීමෙන් අනතුරුව වට 2-1 ක් ලෙස පරාජය භාර ගන්නට සිඳු විය.එහිදී ෂුවිජිවෝ එම තරගය ජය ගත්තේ ලකුණු 16 – 21, 21 – 5 සහ 21 – 12 ක් ලෙසය.
තරගාවලියට ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයින් 64 දෙනා අතරේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 60 වන තැන සිටින සුවිජිවෝ මෙම තරගාවලියේ පළමු වැන්නාට ශ්‍රේණිගතව සිටින අතර ලොව 214 වැන්නාව සිටින රසිඳු මෙහිදී අනපේක්ෂිත තරගයක නිරත වෙමින් තමන්ට වඩා බොහෝ ඉහළින් සිටින ක්‍රීඩකයාට එරෙහිව කළ සටන අති විශාලය.
