මට දැන් කියන්නෙ ‘දුඹුරු සීනි පියා’ කියලා. මම ඒකට කැමතියි – ඇමති හඳුන්නෙත්ති

Date:

දේශීය දුඹුරු සීනි ප්‍රචලිත කිරීම සඳහා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් ලබාදෙන සහයෝගයට තමන් ස්තූතිවන්ත වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“මේ දවස්වල අපිට විශාල ප්‍රසිද්ධියක් ලබාදෙනවා මේ සීනී සම්බන්ධව. ඇත්තටම පෙරේදා අපි දුඹුරු සීනි ප්‍රචලිත කරන්න, උක් ආශ්‍රිත නිෂ්පාදන – ඒ කියන්නෙ සීනි විතරක් නෙවෙයි, උක් පැණි, උක් හකුරු, උක් ගස්, මේ උක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න – නුගේගොඩ අවුට්ලට් එකක් දැම්මා. ඒකෙදි මම ඉල්ලීමක් කළා මාධ්‍යවේදීන්ගෙන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ගෙන් අපට මේකට උදව් කරන්න මේක ප්‍රචලිත කරන්න කියලා. ඇත්තටම මම ස්තූතිවන්ත වෙනවා ඒ ප්‍රචාරය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් විශාල සහයෝගයක් දුන්නා. කොච්චර සහයෝගයක් දුන්නද කිව්වොත් මට කියන්නෙ දැන් ‘දුඹුරු සීනි පියා’ කියලා. මං ඒකට සතුටුයි. මම සතුටු මොකද මට ‘සුදු සීනි පියා’ කියනවාට වඩා ‘දුඹුරු සීනි පියා’ කියන එකට මම කැමතියි. ඒකට හේතුව පහුගිය අවුරුදු පහට සුදු සීනි ආනයනය කරන්න රුපියල් බිලියන 354ක් වියදම් කරලා තියෙනවා. ඩොලර්වලින් කිව්වොත් ඩොලර් මිලියන 1500කට වැඩියි. ඒ කියන්නෙ අපි IMF එකෙන් ගන්න ණය වගේ බාගයක්. අපේ රටේ දුඹුරු සීනි ප්‍රචලිත කරන්න කියන්නෙ ඇයි අපි ? මේ විදේශ විනිමය ඉතුරු කරන්න”

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...