*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ධනුෂ්ක ගැන අහලා ‘සුරතාන්තයට’ පත්වෙන්න තරම් පිස්සුවක් මට නැහැ – ව්‍යාජ ට්විටර් පණිවුඩවලට වලිගය පාගාගත් මාධ්‍යවේදියකුට සජිත්ගෙන් පරිගණක පාඩමක්!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම සමාජ මාධ්‍ය ජාලාවල සක්‍රිය චරිතයකි. විශේෂයෙන්ම ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හරහා තම මතය ප්‍රකාශ කිරීම ඔහු විසින් සිදුකරනු නිතර දැකිය හැකිය. මීට දින කිහිපයකට ඉහත පැවති ජන උද්ඝෝෂණයට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමඟි ජන බලවේගයේ පිරිස් සහභාගී වී නැවත පසුබැසීම පාදක කරගෙන, සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජන බලවේගයේ ම පිරිස් විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩ යැයි කියන ස්ක්‍රීන්ෂොට් (screenshots) කිහිපයක් ම සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු විය. එකී ස්ක්‍රීන්ෂෝට් අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා, සජිත් ප්‍රේමදාස, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස් සම්බන්ධ වන පණිවිඩ ඇතුළත් වූ අතර, මෙම ස්ක්‍රීන්ෂෝට් ව්‍යාජ ඒවා බවට පසුව තහවුරු විය.

කාන්තාවකට ලිංගික අපයෝජන සිදුකළේ යැයි චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත්කළ ට්විටර් පණිවිඩයක් යැයි කියන ස්ක්‍රීන්ෂොට් එකක් ඉකුත් දිනක යළි සමාජ මාධ්‍ය ජාලාවල මතුවූ අතර, එම ස්ක්‍රීන්ෂොට් එකේ දක්වා ඇත්තේ මෙවැන්නකි.

I am profusely aroused by the heinous sexual assault fiasco against the masculine cricketing legend @danushka_70 while adventuring in the land down-under. Hearing the passionate details of the bizarre encounter, I was almost ejaculated from my chair.

(ක්‍රිකට් ක්‍රීඩා පුරුෂත්වයේ පුරාවෘත්තයක් වන ධනුෂ්ක ගුණතිලක ලොව පහළ දේශයේ (ඕස්ට්‍රේලියාව) වික්‍රමයන් හි නිරත වී සිටින අතරවාරයේ, ඔහුට එරෙහිව එල්ල වී ඇති සාවද්‍ය දරුණු ලිංගික අපයෝජන චෝදනා නිසා මම දැඩි ලෙස ඇවිස්සුනෙමි. මෙම අරුම පුදුම සමාසදය පිළිබඳ හැඟීම් උපදවන තොරතුරු ඇසූ මා සුරතාන්තයට පත්වූවාක් මෙන් පුටුවෙන් විසිවීමට ගියේය.)

මෙලෙස පැවසූවේ යැයි කියන ට්විටර් ගිණුමේ සජිත් ප්‍රේමදාස මහතා ගේ නම සඳහන්ව තිබෙන්නේ සජිත් ප්‍රේමදාස ලෙස නොව ‘සජිත් ප්‍රේමදෝස’ ලෙස වීම ද විශේෂත්වයකි.

සමඟි ජන බලවේගයේ ක්‍රියාකරුවන් විසින් ඉකුත් දින පැවැත්වූ හමුවීමකින් අනතුරුව මේ ගැන එක්තරා මාධ්‍යවේදියකු සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රශ්න කර ඇති අතර, මෙවන් ට්විටර් පණිවිඩයක් පළ කිරීමේ අරමුණ කුමක්ද යන්න එම මාධ්‍යවේදියා විමසා ඇත. ඊට සජිත් ප්‍රේමදාස මහතා සිනාමුසු මුහුණින් පවසා ඇත්තේ මෙවැන්නකි.

“ඔබ මාධ්‍යවේදියෙක් නේද? ඔබ කම්පියුටර්ස් ගැන දන්නේ මොනවාද?”

නූතන තාක්ෂණය සමඟ ගැටෙන තරුණ පරපුර දන්නා තරම්වත් කරුණු මෙම මාධ්‍යවේදියා නොදන්නා බවට පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා, පළමුව පරිගණකයකින් සිදුකළ හැකි දෑ පිළිබඳව හොඳ අධ්‍යයනක යෙදී දෙවනුව කරුණු විමසන ලෙස ද පවසා ඇත.

තව ද මෙවන් ආන්දෝලනාත්මක සිදුවීමක් ගැන දොඩමළු වීමේ දී සුරතාන්තය (ejaculate) වැනි වචන භාවිතා කිරීමට තමාට කිසිසේත්ම මොලේ අමාරුවක් නැති බව ද සජිත් ප්‍රේමදාස මහතා එම මාධ්‍යවේදියාට පවසා ඇත.

මෙම මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවේ ප්‍රභල දේශපාලන චරිතයක හිමිකාරීත්වය තිබෙන වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදියකු බව ද සඳහන්.

සජිත් ප්‍රේමදාස මහතා ගේ ඉංග්‍රීසි භාවිතය බොහෝ දෙනෙකුට අමුතු ය. ඔහුගේ ඉංග්‍රීසි ලේඛන කලාව ඉංග්‍රීසි බස බිහිවූ එක්සත් රාජධානියේ වත් නොමැති බවට පැවසූ සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ප්‍රතිවාදී බලවේගවලට ගැති පිරිස් විසින් නිර්මාණය කර සමාජ මාධ්‍යවල හුවමාරුකරන මීම්ස් අපමණ පවතී.

දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන පුද්ගලයකු, විදේශ තානාපතිවරයකු, මහ කොමසාරිස්වරයකු වැනි ජනතා අවධානය දිනාගෙන තිබෙන පුද්ගලයකුට හිමි ට්විටර් ගිණුමක් හෝ වෙනත් සමාජ මාධ්‍ය ගිණුමක් හරහා යම් ප්‍රකාශයක් සිදු කළේ යැයි ස්ක්‍රීන්ෂෝට් ආකාරයෙන් ඡායාරූප ව්‍යාජව නිර්මාණය කර හුවමාරු කිරීම සමාජ මාධ්‍ය මඩ බලකායන්වල නවතම ප්‍රවණතාවයයි.

මෙවන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට හේතුවක් පවතී. එය තරමක් සවිස්තරාත්මකව පැහැදිලි කළ යුතු කරුණකි. ට්ටිවර් වැනි ඇතැම් සමාජ මාධ්‍යජාලා හිමි සමාගම් පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදයේ වන අතර, එක්සත් ජනපදයේ නීති අනුව, උත්ප්‍රාසය (parody) සඳහා භාවිතා කරන යෙදුම් හෝ වේදිකාවලට, හෝ විනෝදාශ්වාදය (Entertainment) සඳහා භාවිතාවන රූපවාහිනය, අන්තර්ජාලය හෝ වෙනත් වේදිකාවලට යම්කිසි සිදුවීමක් හෝ පුද්ගලයකුගේ අනන්‍යතාවයට අදාළව හාස්‍යය ඉපදවීම සඳහා භාෂණයේ නිදහස (Freedom of Expression) භාවිතා කරමින් ප්‍රහසන කලා ඉදිරිපත් කළ හැකිය. මෙම ප්‍රහසන කලා ඉදිරිපත් කිරීමේදී අදාළ සිදුවීම හෝ පුද්ගලයා අනුකරණය කළ හැකි මුත් ඊට සර්වසම (identical) අනන්‍යතාවයක් ඉදිරිපත් කළ නොහැකිය. උදාහරණයක් වශයෙන් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍ය මාලාවක හැඳුනුම්පතක් පෙන්වන දසුනක් පෙන්වන්නේ නම්, එම හැඳුනුම්පත සත්‍ය හැඳුනුම්පතකට සමානව නිර්මාණය කරන ලද සිනමාකරණ වස්තුවක් (prop) ලෙස ඉදිරිපත් කළ හැකි මුත්, සත්‍ය හැඳුනුම්පතකට සර්වසම විය නොහැකිය. මේ සඳහා සිනමා නිශ්පාදකයන් භාවිතාකරන උපක්‍රමය වන්නේ සත්‍ය හැඳුනුම්පතකට සමානව නිර්මාණය කරන ප්‍රොප් හැඳුනුම්පතේ අකුරු හෝ වචන එහා මෙහා කර එය නිර්මාණය කිරීම ය.

ලෝකප්‍රකට The X Files කතාමාලාවේ ෆොක්ස් මෝල්ඩර් නම් FBI නිලධාරියාගේ හැඳුනුම්පත සකස් කර ඇති අයුරු. Department of Justice වෙනුවට Department of Investigation ලෙසත්, Federal Bureau of Investigation වෙනුවට Federal Bureau of Justice ලෙසත් ප්‍රොප් හැඳුනුම්පත වෙනස්කර ඇති අයුරු බලන්න | ඡායාරූපය: අන්තර්ජාලය

වර්තමානයේ මෙම උපක්‍රමය සමාජ මාධ්‍ය ජාලාවල ද භාවිතයට ගෙන තිබෙන නිසා ව්‍යාජ ට්විටර් පණිවිඩ, ව්‍යාජ ෆේස්බුක් පණිවිඩ ඇතුළු යම් පුද්ගලයකු පැවසුවේ යැයි ව්‍යාජව නිර්මාණය කරන ලද පොස්ටු නිර්මාණය කිරීමට හැකි යෙදුම් (apps) බිහිවී තිබේ. යම් පුද්ගලයකුට මතවාදී ලෙස විවේචන එල්ලකරනු වෙනුවට මඩ ගැසීමේ අරමුණින් පහර දීමට උත්සුක බොහෝ පිරිස් විසින් මෙවන් යෙදුම් භාවිතා කරනු ලබන බවට නොරහසකි. ‘සෝෂල් ඩමී’ (Social Dummy) යනු මෙවැනි යෙදුම් අතර ඉතා ජනප්‍රිය යෙදුමකි. ඉතා සුපරික්ෂාකාරීව බැලුවහොත් එවන් යෙදුමක් හරහා නිර්මාණය කළ පෝස්ටුවක් ව්‍යාජ පෝස්ටුවක් යැයි හඳුනාගත හැකි වන්නේ මෙවන් පෝස්ටු නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා යෙදුම් ද ඉහත කී නීතිවලට යටත් නිසා ය. ඒ අනුව එකී ව්‍යාජ පෝස්ටුවල සත්‍ය පෝස්ටුවකින් වෙනස්වන කුමන හෝ සලකුණක් කොහේ හෝ අන්තර්ගත විය යුතුය. එය බැලූ බැල්මට ඇසට සංවේදී නොවන සලකුණක් විය හැකිය. එහෙත් එවන් කුමන හෝ සලකුණක් කොහේ හෝ පවතී.

Social Dummy යෙදුම | ඡායාරූපය: අන්තර්ජාලය

එසේ නොවන්නේ නම්, සත්‍ය පෝස්ටුවකට 100% සමාන අයුරින් ව්‍යාජ පෝස්ටුවක් නිර්මාණය කළ හැකි යෙදුමක් පවතින්නේ නම්, එවැනි යෙදුම් තහනම් කර දැමිය හැකිය. එපමණක් නොව ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ද ගත හැකිය. නූතන තාක්ෂණය මත පදනම් වූ මාධ්‍යකරණයේ නියැලෙන පිරිස් මෙය හොඳින් හඳුනාගෙන සිටිති.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විසින් පළකළ ට්විටර් පණිවිඩ බවට ව්‍යාජ අන්දමින් සැකසූ ස්ක්‍රීන්ෂොට් | සත්‍ය සටහනකින් ව්‍යාජ සටහන වෙනස්වන සලකුණු හඳුනාගැනීමට ඔබේ ඇසට හැකි ද යන්න පරීක්ෂාකර බලන්න..
Shaun Usher නම් ලේඛකයා විසින් හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාරාත්මක අයුරින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක් බවට ව්‍යාජ අන්දමින් සැකසූ ස්ක්‍රීන්ෂොට් එකක් | සත්‍ය සටහනකින් ව්‍යාජ සටහන වෙනස්වන සලකුණු හඳුනාගැනීමට ඔබේ ඇසට හැකි ද යන්න පරීක්ෂාකර බලන්න..

සජිත් ප්‍රේමදාස මහතාගේ සැබෑ ට්විටර් ගිණුම වන @sajithpremadasa, ‘සජිත් ප්‍රේමදෝස’ (@sajithpremadosa) වන්නේ මෙකී පසුබිම තුළ ය. ඔබ මේ මොහොතේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිස @sajithpremadosa යැයි සර්ච් කර බැලුවහොත් එවැනි ගිණුමක් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ නොමැති බවට පසක් වනු ඇත. ඒ අනුව නිසැකවම මෙම ව්‍යාජ පෝස්ටුව ද ‘සෝෂල් ඩමී’ වැනි යෙදුමක් හරහා නිර්මාණය කළ එකක් විය යුතු ය. එයවත් නිවැරදිව කියවා ගැනීමට අසමත් වන්නේ නම්, තම බුද්ධිඵලයේ මට්ටම මත මූලාශ්‍ර පරීක්ෂා නොකර හිතුමනාපෙට තොරතුරු හුවමාරු කරන මහජනතාව අතර ඇතැම් පිරිස් කෙසේවෙතත්, එවන් පුද්ගලයකු නූතන ස්මාර්ට් මාධ්‍යකරණයට (smart journalism) නම් ගැළපෙන්නේම නැත.

එහෙයින් මෙවන් සිදුවීම්වලට එරෙහිව ගත හැකි එකම ක්‍රියාමාර්ගය වනුයේ එකී සමාජ මාධ්‍ය ජාලා අධීක්ෂණය කිරීම සඳහා යොදවා ඇති ස්වාධීන තතු පරීක්ෂකයන් (Independent Fact Checkers) ඔස්සේ විමර්ශනයකර අදාළ පෝස්ටු සාවද්‍ය බව ලොවට අනාවරණය කිරීම පමණයි. ඒ අනුව, සාවද්‍ය තොරතුරු ජනගත කිරීමට අදාළ ප්‍රජා මාර්ගෝපදේශ (Community Guidelines) උල්ලංඝනය කළ බවට ලැබෙන පැමිණිලි මත එවන් පෝස්ටු හුවමාරුකරන ගිණුම් තහනම් කර දැමිය හැකිය. එහෙත් එවන් ක්‍රියාවකට එරෙහිව අධිකරණයට යෑමෙන් පලක් ඇතැයි සිතීම අපහසුය.

ඉකුත් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් මහතා මැතිවරණය වංචනික ලෙස ජයගත් බවත් සැබවින් ම ජයගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා බවත් රිපබ්ලිකන් හිතවාදී ෆොක්ස් නිව්ස් පුවත් සේවය විසින් ව්‍යාජ පුවතක් පළකිරීම මත සාවද්‍ය තොරතුරු ජනගත කළේ යැයි එම මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණු අතර, ෆොක්ස් ආයතනය එම නඩුව ජයගත්තේ මෙම නීති හිදැස තුළින් ය. ෆොක්ස් ලියාපදිංචි වී ඇත්තේ ප්‍රවෘත්ති ආයතනයක් (News Agency) ලෙස නොවන බවටත්, විනෝදාශ්වාදය (Entertainment) සපයන මාධ්‍ය ආයතනයක් ලෙස බවටත් ගොඩනැඟුණු නීති තර්කය හමුවේ ‘විනෝදාශ්වාදය සඳහා භාෂණයේ නිදහස භාවිතාකර ව්‍යාජ තොරතුරු පළකළ හැකිය’ යන තර්කය මත ෆොක්ස් ආයතනය එම නඩුව ජය ගත්තේය.

සජිත් ප්‍රේමදාස පමණක් නොව, ඕනෑම මහජන නියෝජිතයකුගේ දේශපාලන හෝ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචන තිබේ නම් එය අර්ථාන්විත විය යුතු ය. සාධක මත පදනම් වූ විවේචන විය යුතුය. සජිත් ප්‍රේමදාස මහතා ට සුදුහුණු ගෑමට අපට අවශ්‍යතාවයක් නැත. එහෙත් මඩ කලාව මත පදනම් වූ, රුපියල් පන්දහසකට ලොල් වී මඩ පුවත් නිර්මාණය කරන සිහිය විකල්වූ මාධ්‍යවේදීන්ට නම් අපට පැවසීමට ඇත්තේ ඔබට කිසිදිනක ස්මාර්ට් මාධ්‍යකරණ ලෝකය තුළ උන්නතියක් නොමැති බව ය. 

සමුදු වෙලගෙදර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan