Wednesday, November 29, 2023
spot_img

Latest Posts

අද (13) මි.මී. 100ට වැඩි තද වැසි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (13) දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් තව දුරටත් දන්වා සිටී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.