සනත් නිශාන්තට එරෙහි පෙත්සම් විභාගය ජනවාරි මස 31දා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින්, අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින අතර , ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් තුනක් ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළ බව වාර්තා වේ.

මෙම පෙත්සම් ,සෝභිත රාජකරුණා, අසා‍ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අද දින කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සහ පෙත්සම්කාර මෙන්ම වගඋත්තරකාර සරත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ජනවාරි මස 31 වනදා විභාගයට ගැනීමට දින නියම කර ඇත.

මෙම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා වෙත යළිත් සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළ බවද සඳහන් වේ.

2022 වසරේ අගෝස්තු මස 25 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අරගලයකට සමයේ අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහෙස්ත්‍රාත්වරු අනුගමනය කළ ක්‍රියාපටිපාටිය විවේචනය කිරීම තුළින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් 3 ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනා විසින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...