දිවාලි උත්සවයෙන් පසු දිල්ලියේ වායු දූෂණය තවත් ඉහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ දිවාලි උත්සවයෙන් පසු වාතයේ ගුණාත්මක භාවය පහත වැටී ඇති බව වාර්තා වේ.

අධික පරිසර දූෂණය හේතුවෙන් ගිනිකෙළි තහනම් කර තිබියදීත් නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කළ බව පැවසේ,

දිල්ලිය සති ගණනාවක් තිස්සේ විෂ සහිත වාතය ආඝ්‍රාණය කරමින් සිටින අතර, ළමයින් ආරක්ෂා කිරීමේ උත්සාහයක් ලෙස රජය පාසල් සඳහා ශීත ඍතුවේ නිවාඩු ප්‍රකාශයට පත් කර ඇති බවද පසුගිය කාලය පුරාවටද වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අධික දූෂණයට දිගු කලක් නිරාවරණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවයි.

විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ , ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දීපවාලි සමයේදී රතිඤ්ඤා භාවිතය තහනම් කර ඇති අතර හරිත රතිඤ්ඤා හෝ විමෝචනය අඩු ඒවාට පමණක් අවසර දී තිබූ බවයි.

දිල්ලි රජය ද පසුගිය වසර කිහිපය තුළ දීපවාලි සමයේදී රතිඤ්ඤා තහනම් කර ඇතත්, එම නීතිය ක්‍රියාත්මක කිරීම ඉතා අඩු බවයි වාර්තා වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...