සුරංගනා කතා වැඩක් නැහැ – නාමල්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙන ආ යෝජනා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පස්වරුවේ සිය අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මේ බව පැවසීය. 

“බැලූ බැල්මට බොහෝ කාරණා එතුමා ගියවර අයවැය තුළිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මකවෙලා නැති බවක් පේනවා. ඉතින් නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා.” 

“එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්‍රශ්නය අපිට තිබෙනවා.”

“ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය.”

“ඉදිරි කාලසීමාව තුළ මේ ගැන අධ්‍යයනය කරලා අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. අපි බලමු ජනාධිපතිතුමා ඒවා පිළිගනීද කියලා.”

“එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ තිබෙන්න ඕනේ. සුරංගනා කතා වැඩක් නැහැ.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්.” හෙතෙම කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...