Wednesday, November 29, 2023
spot_img

Latest Posts

ඩයනා ඇතුළු පිරිසගේ ගැටුමේ වාර්තාව හෙට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ,රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සහ රෝහණ බණ්ඩාර මෙන්ම සුජිත් සංජය පෙරේරා යන මහත්වරුන් අතර සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව හෙට (14) පාර්ලිමේන්තුවේ වරප්‍රදාස කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔවුන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන් පසුව තීරණය කෙරෙනු ඇත.

අදාළ කමිටුව පත් කෙරුණේ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුක්තවයි.

චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉමිතියාස් බාකීර් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කළහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.