චීනයෙන් නව වාහන වාර්තාවක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වාර්ෂිකව නව බලශක්ති වාහන මිලියන 10ක් නිෂ්පාදනය කරන ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සංගමය අද(14) ප්‍රකාශ කළේය.

චීනයේ වාර්ෂික නව බලශක්ති වාහන නිෂ්පාදනය ප්‍රථම වරට මිලියන 10ක් ඉක්මවූ බව වාර්තා වේ.

මේ පිළිබඳ අදාළ දත්තවලට අනුව, චීනයේ නව බලශක්ති වාහන නිෂ්පාදනය සහ විකුණුම් සංඛ්‍යාන පද්ධතියට ඇතුළත් කළ පළමු වසර වන 2013දී, නිෂ්පාදන ඒකක ප්‍රමාණය සටහන් වූයේ 18000ක් ලෙස ය.

2018 වසරේදී වාර්ෂික නිෂ්පාදනය මිලියනයකට ළඟා වූ අතර 2022දී වාර්ෂික නිෂ්පාදනය මිලියන 5ක‍් ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව මේ වසරේ ප්‍රථම වරට නිෂ්පාදන ඒකක ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ගිය අතර මෙම වසර අවසන් වීමට මාස එකහමාරක් තිබියදී, පසුගිය වසරේ මුළු අගයට සාපේක්ෂව නිෂ්පාදනය 4.3% කින් වැඩි වීම ද විශේෂත්වයකි.

තවද, මේ වසර අවසන් වන විට මෙම සංඛ්‍යාව මිලියන 12 ඉක්මවනු ඇතැයි විශේෂඥයෝ අනාවැකි පළ කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...