පාරට බැහැලා ආණ්ඩුව බය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි අපේ සතුරන්ට සමාව දෙන්නෙ නෑ – ටිල්වින් සිල්වා අනතුරු හඟවයි

Date:

කවුරුන් හෝ වත්මන් ආණ්ඩුව වැට්ටවීමට 5000ක් පිරිස රැගෙන පාරට බසින්නේ නම් ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා 50,000ක් සමග පාරට බැසීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“කවුරුහරි හිතන් ඉන්නවා නම් නිකම් ඔය පාරට බැහැලා, තුන් හාර දාහක් පෙළපාලියක් ගිහිල්ලා අපිව බය කරන්න, පොඩි රැස්වීමක් තියලා අපිව බය කරන්න, මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එහෙම බෑ. අපෙ රටේ උද්ඝෝෂණය කරන්නෙ කොහොමද කියන සංස්කෘතිය හදලා පෙන්නලා තියෙන්නෙ හරියටම අපි. පෙළපාලි යන්නෙ කොහොමද කියලා පෙන්නලා තියෙන්නෙ අපි. ආණ්ඩුව බයකරන්න, අපිව බයකරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. පෙළපාලි බලන්න ඕනෙ නම් අපිටත් පෙළපාලි කරලා පෙන්වන්න පුළුවන්. මොකද කියන්නෙ ? ආණ්ඩුව වට්ටන්න 5000ක් අරන් ආවොත් අපි ආණ්ඩුව රකින්න 50,000ක් අරන් පාරට බහින්න පුළුවන් ව්‍යාපාරයක් කියන එක අපි ඒගොල්ලොන්ට මතක් කරලා දෙන්න ඕනෙකම තියෙනවා”

“අපි ප්‍රතිපත්තිගරුකයි. අපිට අපේ ප්‍රතිපත්ති තියෙනවා වගේම අපේ සතුරන් සම්බන්ධයෙනුත් අපට ප්‍රතිපත්ති තියෙනවා. අපි සතුරන්ට සමාව දෙන්නෙ නෑ. ඒක අපේ ප්‍රතිපත්තියක්, මතක තියාගන්න”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේ පැවති ඉල් මහ විරු සමරුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...