එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර් පාපන්දු සමාජයේ හිමිකාරිත්වය දරන එක්සත් රාජධානියේ කෝටිපති ව්‍යාපාරික ජෝ ලුවිස්ට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සමාව ලැබී ඇති බව වාර්තා වේ.

ජෝ ලුවිස් 2023 වසරේ අත්අඩංගුවට ගනු ලැබූ අතර සුරැකුම්පත් වංචා දහසයක් සහ කුමන්ත්‍රණ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ අතර ඔහු 2013 සහ 2021 අතර කාලය තුළ ඔහු ආයතනික මණ්ඩල තොරතුරු වලට අනිසි ලෙස ප්‍රවේශව ඩොලර් මිලියන ගණනක ලාභයක් උපයා ගැනීම හේතුවෙන් වරදකරු විය.

තමා දරුණු වැරැද්දක් කළ බවත්, ඩොලර් මිලියන 5 ක දඩයක් ගෙවූ බවත් ජෝ ලුවිස් පිළිගෙන තිබු අතර ජනාධිපති ට්‍රම්ප් තමාට සමාව ලබා දීමත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ එක්සත් ජනපදයේ සිටින ඔහුගේ මුණුබුරන් සහ මී මුණුබුරන් බැලීමට අවස්තාව ලබා දීම සමබන්ධයෙන් අතිශයින්ම කෘතඥ වන බව සඳහන් කර තිබිණි.

2023 සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් ලොව ධනවත්ම පුද්ගලයන් සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් වල ජෝ ලුවිස්ට 39 වන ස්ථානය හිමිකර දී ඇති අතර, ඔහු සතු ඇස්තමේන්තුගත වටිනාකම පවුම් බිලියන 5 කට වඩා (ඩොලර් බිලියන 6.4) වැඩි බව කියවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...