සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

Date:

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමිනි.

සුවසැරිය සේවාව ඉහළ නැංවීම වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටන බවත් මෙම ගිලන් රථ සේවාවට ලොව පවත්නා නවීනතම තාක්ෂණය එක් කරමින් නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

තවද ඉන්දියානු රජය සමග සාකච්ඡා කර තවත් ගිලන්රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20ක් ණය ආධාර යටතේත් තවත් ගිලන් රථ 25ක් ලෙස ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...