නින්දක් නැතිව වැඩ කරන ජපානයේ නව අගමැතිනිය අලුයම 3ටත් සාකච්ජා කැඳවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ නව අගමැතිනි සනේ ටකයිචි දවසට පැය 3-4 ක පමණ කෙටි නින්දක් සමඟ අතිශය කාර්යබහුලව ඇති බව වාර්තා වේ.

ඇය විසින් පසුගිය සතියේ අයවැය කමිටු විභාගයක් සඳහා සූදානම් වීම සඳහා ඇය සහායකයින් ඇගේ කාර්යාලයට අලුයම 3 ක රැස්වීමක් සඳහා කැඳවීමෙන් අනතුරුව කාගේත් කතාබහට ලක්ව ඇති අතර ඇයගේ පරිපාලනය තුළ අතිකාල සඳහා සීමාවක් ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් සිටියි.

පසුගිය ඔක්තෝබර් මස මුලදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) සභාපතිනිය ලෙස තේරී පත්ව පසුව ඇය අගමැතිනිය ලෙස තේරී පත් විය. කෙසේ නමුත්, ඇගේ අධික වැඩ බර දේශපාලන මිතුරන්ගෙන් සහ සතුරන්ගෙන් එක හා සමානව කනස්සල්ලට පත්ව ඇති අතර ඇයගේ සෞඛ්‍යය ගැන කනගාටුව පළකර ඇත.

ජපානයේ පළමු කාන්තා අගමැතිනිය වූ දා සිට ටකයිචිට විවේක ගැනීමට එතරම් කාලයක් නොතිබි ඇති අතර මැලේසියාවේ පැවති ආසියාන් සමුළුවකට සහභාගී වීම, ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා පිළිගැනීම සහ දකුණු කොරියාවේ ඒපෙක් සමුළුවේදී ෂී ජින්පින් හමුවීමට පෙර ඇය ධුරයේ සිටියේ දින කිහිපයක් පමණි.

තායිවාන් සමුද්‍ර සන්ධියේ ගැටුමකට ජපානය මිලිටරිමය වශයෙන් සම්බන්ධ විය හැකි බවට ඇය මෑතකදී කළ යෝජනාව සම්බන්ධයෙන් චීනය සමඟ ගැඹුරු වන ආරවුලක් ඇයට තවත් නිදි නැති රාත්‍රීන් ලබා දිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...