*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා රගර් විසින් ආසියාව පරාජය කිරීම

කොරියාවේ පැවත්වෙන සත් සාමාජික රගර් සූරතාවලියේ තෙවැන්නන් වීමට තිබුණු ඉඩ තරගය සඳහා කායිකව සහ මානසිකය සූදානම් නොවීම නිසා දෝ ශ්‍රී ලංකාවට අහිමි විය.ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවක් සමඟ තරගයට පිවිසි පිලීපීනය ඒ නිසාම තරගයේ විශාල කොටසක් හය දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරන තත්ත්වයට පත් වුව ද,ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එයින් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් නොතිබිණි.ඔවුන්ගේ පන්දු හුවමාරුවේ සහ පන්දුව රැක ගැනීමේ හිදැස්වලින් පිලිපිනය ලකුණු 24 – 7 ක් ලෙස ජයග්‍රහණය කරා ගියේය.
නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී ආසියාවේ සත් සාමාජික ක්‍රීඩාවේ දැවන්තයන් අතරට පිවිසීමට හැකි බව මැනවින් පැහැදිළි කළේය.එසේම ශ්‍රී ලංකා රගර් පරිපාලනයට ශ්‍රී ලංකාවෙන්ම එල්ලවෙන පීඩාවන් සමඟ ක්‍රීඩාව වෙනුවට තමන් බැබලීම සඳහා රගර් ක්‍රීඩාවත්,ක්‍රීඩකයන්ගේ ඉදිරි ගමණත් කඩාකප්පල් කරන පුද්ගලයන්ගේ ආශිර්වාදයෙන් ආසියාවේ තහනමක් තිබියදී සහභාගි වෙමින් ආසියාවටම ශ්‍රී ලංකාවේ රගර් ස්ථාවරව පවතින බව ඔප්පු කිරීම අගය කළ යුතුය.
වසර 146 ක් පැරණි ශ්‍රී ලංකා රගර්,ජාත්‍යන්තර වශයෙන් ලද දරුණුම අපකීර්තිය වාර්තා වන්නේ විදේශ ක්‍රීඩකයින් යොදවා ක්‍රීඩා කිරීමය.නිසි පරිදි පුරවැසිකම ලබානොගත් ක්‍රිඩකයින් යොඳවා ජාත්‍යන්තර වහයෙන් අත්පත් කරගත් අපකීර්තියට ශ්‍රී ලංකා රගර් වෙත පැන වූ දඬය තවමත් ගෙවමින් ඇත.නමුත් වයසින් ළදරුවෙක් වූ රගර් නැති රටකට හිමි වූ ආසියානු සභාපතීත්වය යටතේ විශේෂ තනතුරක් නිර්මාණය කර ආසියානු රග්බි වගකිම් සම්භාරයක් පවරන්නේ එවකට ශ්‍රී ලංකා රග්බි සඳහා නායකත්වය දුන් අයෙකුටය.අද වන විට ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රය තුළ ක්‍රීඩා සමාජවල කැමත්ත දිනා ගැනීමට නොහැති තරමට අසරණ වී සිටින ඔහු දේශපාලන පිම්මකින් ශ්‍රී ලංකායේ රගර් හී මුල් පුටුවට පනින්න එලූ දැලට “ක්‍රීඩාව ලේවල තිබෙන බව” කියූ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ කොටු විය.නැතිනම් ඔහුද ඒ දැලේ කොණක් අල්ලාගෙන සිටියේය.
අධිකරණයට ගොස් අවශ්‍යය නීති මාර්ගයෙන් රගර් මෙහෙයවීමේත්,නිලවරණය පැවත්වීමේත් බලය ගත් වත්මන් පරිපාලනය සඳහා සේවය කිරිමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට අධිකරණයේ පවතින නඩුව ඉවත් කර ගැනිමෙන් සහය දැක් විය හැකි නමුත් තවමත් ඔහු සිටින්නේ රාජපක්ෂ වශීයේ පැටලීය.පුටුවට එන විටම ඇතැම් තනතුරු සඳහා රගර් සබඳතා ඇති නම් ක්‍රීඩාව හා පටලවා ගන්නට අමාත්‍ය රොෂාන් රණසිංහට සිඳු විය.
නමුත් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත බලාගෙන සිටියදී,ආසියාවේ දංකුඩ කමින් මේ රටේ රගර් ක්‍රීඩාව අනභව කරන්නට කැස කවන මිනසුන් සමඟ ජාත්‍යන්තරයේද දේශියවද ගැටෙමින් ශ්‍රී ලංකා රගර් ඉදිරියට ගෙන යමින් ක්‍රීඩාව සහ ක්‍රීඩකයා රැක බලා ගන්නට වත්මන් පරිපාලනයට තිබුණ දැඬිම දුෂ්කරතාවය ආවේ අනුග්‍රාහකත්වය් සම්බනධයෙන්ය.නමුත් විදේශ රටවලින් මෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරය දිනා සිටින නිපොන් වැනි ආයතන ද දෙස් විදෙස් වශයෙන් පිරිවරා වැඩ කරන්නට තරම් වතමන් පරිපාලනය විශ්වාසය උපයා ගත්තේය.ඒ විශ්වාසය සහ යන ගමනේ ඇති රගර්මය සෙනෙහසට හාදුවක් දෙන්නට අවසානයේ ක්‍රීඩා අමාත්‍යවරයා පෙරට එන්නේය.ඒ ඒ වන විටත් ජාතික ඔලිම්පික් කමිටුව ආසියාවේ සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවට පහර එල්ල කරමින් සිටින ආසියානු රගර් සම්මේලනයට අනතුරු අඟවා තිබියදීය.රටේ නීතිය අනුව ද වැඩ කරන්නට අවසර ලැබී තිබෙන ශ්‍රී ලංකා රගර් වෙත ඒ නිසා ආසියාවේ අවස්ථාව තිබිය යුතුය යන්න අමාත්‍යවරයාද පෙන්වා දුන්නේය.
ඒ අනුව උඩඟු සහ උද්දච්ඡකම යම් තරමකට පටු කර ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු ආසියානු සත් සාමාජික රගර් තරගාවලියේ දෙවන අදියරේ සිට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ලාංඡනය යටතේ දොර හරින්ට සිඳු විය.ඒ සමඟම තවත් අපූරු කතාවක්ද එළියට ආවේය.ශ්‍රී ලංක පිරිමි කණ්ඩායම අවසාන හතර දෙනා අතරට නාවේනම් ආසියානු සභාපතිවරයා නියෝජනය කරන එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඒ අවස්ථාව හිමිවීමට තිබූ ඉඩය.ශ්‍රී ලංකා අපකීර්තියට පත්වීම නොසිතා විදේශිකයින් ක්‍රීඩා කර විශාලතම කළු පැල්ලම ඇති කළ නිලධාරීන් මේ මොහොතේ ද සිය ලාභ ප්‍රයොජන වෙනුවෙන් ශ්‍රී ලංකා රගර්වලට අකුල් හෙළන්නේ වක්‍රාකාරයෙන් තමන් කටු බුදින ස්වාමීයා වෙනුවෙන්ය.ශ්‍රී ලංකාවට ඉඩ ලැබුණ නිසා ඔවුන්ට පරාජය වී කාණ්ඩයේ තෙවන තැනට පත් වී පලිහ සූරතාව දිනා ගැනීමෙන් නවතින්නට විය.ශ්‍රී ලංකා මුල් කණ්ඩායම් හතරේ විය.
මේ සමඟ වඩාත් හොඳින් පැහැදිළි කර ගන්නට ශ්‍රී ලංකාව සහභාගි වූ කාණ්ඩයේ දත්ත මෙහි තබා ඇත.
සූරතාවය හොංකොං කණ්ඩායමට සහ අනු සූරතාවය පිලිපීනයට හිමි විය.ශ්‍රී ලංකාවට පරාජ කරන්නට බැරි වුණේ එම කණ්ඩායම් දෙක පමණි.නමුත් මේ සටහන ඉහළ දැක් වූ දුර්වලතා සම්බන්ධයෙන් වන ඖෂධ ඉතා ප්‍රායෝගික බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හැකියාවන් පිළිබඳ ජාත්‍යන්තර විචාර හරහා දකින්නට ලැබිණ.වේගවත් බවින් නො’දෙවැනි වුව,ඔවුන් තව දුරටත් දරා ගන්නට හැකි ශරීර ශක්තියෙන් වර්ධනය විය යුතුය.මේ පෝෂණය රටේ වගකීමක්ය.එසේම නිතර ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් නොමැතිකම ද අඩුවක්ය.ඒ නිසා සිඳුවන තරඟකාරී පරිසරයක අන්තර් සබඳතා පවත්වා ගැනීමේ දුර්වලතා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් පළ නොවිණි නම් ඔවුන් මේ තරගාවලියම වුව බොහො විට නිම කරන්නේ සූරතාවයේ හෝ අනු සූරතාවයේ හිමිකරුවන් හැටියට ය.
තරගාවලියේ අනු සූරතාවය දිනා ගත් දකුණු කොරියාව සමඟ වූ තරගය ශ්‍රී ලංකාව 31 – 14 සේ පරාජය වුව ද එහි පළමු අර්ධය අවසන් කළේ ශ්‍රී ලංකාව ලකුණු 14 – 14 සේ ය.පිලිපීන තරගයේදී ද තරගය කළමණාකරණය කර ගන්නට අවශ්‍යය මානසික සංයමය ගිලිහි යාමෙන් සිඳුවන අත්වැරදි ප්‍රතිවාදීන්ගේ ලකුණු වූ අවස්ථා වැඩිය.ඒවා ශ්‍රී ලංකාවට ලකුණු කරගන්න තිබුණු අවස්ථාවන්ය.ප්‍රතිපලය වූයේ 24 – 7 ක් ය.
ශ්‍රී ලංකා කාන්තා ඛ්නඩායම පලිහ සූරතාවයේ අවසන් තරගයේදී හොංකොං කණ්ඩායමට පරාජය වූයේ 43 – 7 ක් ලෙස ය.නමුත් එහිදි ශ්‍රී ලංකාව ලබා ගත් උත්සාහක දිණුම,වේගය,රගර් හී ක්‍රමෝපායන් රැඳුණු උපක්‍රමශීලීත්වය වැනි සියලු කරුණුවලින් පිරි තිබිණි.ඒ දස්කම සිඳු කළේ ශානිකා මධුමාලිය.ශ්‍රී ලංකාව තරගාවලියේ ජයගත් එකම තරගය වූ මැලේසියානු තරගයේදි චමෝද්‍යා මධුමාලි,චරනි ලියනගේ සහ දුලානි පල්ලිකොන්දගේ උත්සාහක දිණුම් හරහා කණ්ඩායමට ලකුණු එකතු කරමින් මැලේසියාව 17 – 14 ක් ලෙස පරාජය කළේය.
නමුත් කාන්තා රගර් ක්‍රීඩාව තව දුරටත් පාසල් මට්ටමට බෝ කිරීමේ අවශ්‍යයතාවය මෙහිදි හොඳින් පැහැදිළි විය.මද ඉවසුමක් ගෙන මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරන්නට පැමිණ තිබෙන පාසල්වලට හෝ කාන්තා රගර් ක්‍රීඩාව ඔවුන් යටතේ හෝ ගෙන යන්නට හැකිනම් ශ්‍රී ලංකාවේ කාන්තා රගර් ක්‍රීඩාවේ අනාගතය යහපත් කරනු හැකිය.එතෙක් මේ දක්වා ජාතික නියෝජනය යනු ක්‍රීඩාවට සාපේක්ෂව ලැබෙන ඉඩක් සේ සළකා රට ජයග්‍රහණය කරවිය හැකි මට්ටමට ඔවුන් ද ප්‍රායෝගිකව වැඩි වෙහෙසක් පුහුණුව සඳහා යෙදවිය යුතුව ඇත.නමුත් ඔව්හූ තරගාවලියේ ඔවුන්ට ඉදිරියෙන් සිටින බොහෝ කණ්ඩායම් හා සසඳද්දී පරතරය විශාල වුව ආසියාවේ හයවැන්නන් ලෙස තරගාවලිය නිමා කරන්නට සමත් වූහ.ඒ ආසියාවේ තරමය.ඒ නිසාම මහන්සි ී මුල සිට ශක්තිමත්ව කටයුතු කළ හැකි පරිසරයක් සැකසෙන්නේනම් කාන්තා රගර් ක්‍රීඩාවට ආසියාව තුළ ජයග්‍රහණය සඳහා ඇති ඉඩ විශාලය.
ආසියානු සත් සාමාජික තරගාවලිය සාමාන්‍ය තරග විස්තරයක් නොවේය.අප වෙබ් අඩවිය ඒ සම්බන්ධයෙන් ධනාත්මක මැදිහත්වීමක මුල සිටම සිටියේ පුද්ගල අවශ්‍යයතා මත රටක ක්‍රීඩාව අඳුරේ හෙලීමේ අපරාධයෙන් ඈත්වය.අවසාන මොහොත වන විට ක්‍රීඩා අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් ධනාත්මක තැනෙක සිටි අතර අනුග්‍රාහකත්වය සම්බන්ධයෙන් ගැටළුව පැන නැඟි මොහොතේ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ උපදෙස් මත කෙසේ හෝ මේ සංචාරයට එක් කරන්නට අමාත්‍යංශය දිය යුතු සහය උපරිමයෙන් දෙන්නට වෙහෙසෙන බවය.ඒ අනුව රුපියල් මිලියන 150 ක් හිමි විය.දැන් මේ කණ්ඩායම් ඒ තීරණයට දිය යුතු උපරිම හරසර දී අවසන්ය.නීතියේ එල්ලෙමින් තිබෙන සුළු අවිනිශ්චිත බව ඉවත් කරන්නට ක්‍රීඩා අමාත්‍යවරයාට අධිකරණයට කරුණු දැක්වීමෙන් එළැඹෙන වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික පදක්කමකට යන්නට ඇති ඉඩ ද පැහිදීළිය.දැන් උදාවි තිබෙන්නේ විරසක යැයි කීමට ඇති එකම සුළු හිදැස නීත්‍යාණුකූලවම පිරිසිඳු කරන්නට අමාත්‍යංශයේ සහ අමාත්‍යවරයාගේ මැදිහත්වීම පමණය.
ඒ සමඟ ඉහළට නැඟෙන්නට නිපොන් පේන්ට් මෙන් දක්වන අසිමිත සහයේගය වගේම මේ තරගාවලියට අනුග්‍රහයෙන් දායක වූ WEBXPAY සහ True Digital Print මෙන්ම අවස්ථාවාදීන්ගෙන් සහ දේශපාලන මැදිහත්වීම්වලින් ශ්‍රී ලංකා රගර් වැටෙන්නට නොදී පසුගිය කාලය පුරාම රඳවා ගන්නට දිරි දුන් සවිය දුන් සියලු අනුග්‍රාකයන් සමඟ මේ ගමන යා හැකිය.ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ සඳහා ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා රගර් සමඟ එකට ගමන් කරන්නට එකතුවීම සිය දේශපාලන සහෘදයන්ගේ ඕනෑකම්වලට අනවශ්‍යය වුවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාමය අවශ්‍යයතාවයකි.
ලද අවස්ථාවෙන් සමස්ත ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව ගැනම ආසියාවේ වැසුණු ඇස් අරින්නට කොරියාවේ වැට්ටුව දහඩියවලට සියලුම ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට රටේ සමස්ත ක්‍රීඩාවේ ගෞරවය හිමිවිය යුතුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan