ජනපති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවයි

0
711

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පෙරවරුවේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙහි පැවැත්වෙන එම රැස්වීම සඳහා සියලුම අමාත්‍යවරුන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා එම කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාගැනෙනු ඇති අතර ඉන් අනතුරුව සියලුම ඇමතිවරුන් පාර්ලිමේන්තුවට කරා යාමට නියමිත බවත් වාර්තා විය.

RN