ලොක්කියන්ගේ ලෙඩේ පොඩ්ඩියන්ටත්

Date:

ඉන්දියාවේ පැවත්වෙන අවුරුදු 19 පහළ කාන්තා සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ දී හ්‍රී ලංකාව සහබාගි වූ පළමු තරගයෙන් ඉන්දිය අවුරුදු 19 න් පහළ බී කණ්ඩායම හමුවේ ලකුණු 12 න් පරාජය ලැබුවා.කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායිකා විශ්මි ගුණරත්න පළමුව පන්දු රැකිමට ගත් තීරණයට සාධාරණය ඉෂ්ඨ කළ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර් 20 නිමාවේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ට සීමා කරා.
නමුත් එම ලකුණු ප්‍රමාණය හඹා යාමේදි ඉණිම ආරම්භ කළ නායිකා විශ්මි ගුණරත්නගේ දැවීමෙන් කණ්ඩායම තුළ ඇති වූ තිගැස්මෙන් පන්දු ඕවර් 20 තුළ කඩුලු 9 ක් දැවි ලකුණු 113 ක ට සීමා වුණා.එංගලන්තයට ලකුණු 12 ක් ජයක් හිමි වුණා.ආසියාතික තරගාවලියේදී ත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දුටු ප්‍රධාන දුර්වලතාවය වූයේ පන්දුවට පහර දීමයි.පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ බල ඇණියක් වර්ධනය වෙමින් තිබෙනවා.
ඉන්දීය ඉණිම කඩා වැටීම නවත්වමින් ලකුණු 125 ක් කරා රැඟෙන එන්නට මූලිකත්වය ගත්තේ ගොන්ගාදි ට්‍රීෂා (49) සහ ඊෂ්වරි සව්කර් (30) ගොඩ නැඟු ඉණිම් දෙකයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩිකා රශ්මි නේත්‍රාංජලී කැපී පෙණුනා.ඇය පන්දුවෙන් ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගැනීමට මෙන්ම පිත්තෙන්ද ලකුණු 20 ක් ලබා ගත්තා.ඇය අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී නොගියානම් තරගයේ ඉරණම වෙනස් වන්නට ද තිබුණා.පන්දු 18 න් ලැබූ ලකුණු 20 මෙන්ම පන්දු 29 දි මනුදි නානායක්කාර එකතු කළ ලකුණු 32 ත් හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් හොඳ ඉණිමක් වාර්තා වූයේ නැහැ.
විශ්මි ගුණරත්න (11),නිසංසලා පෙරේරා(12),සංජනා කාවින්දි (14) සමඟ රශ්මි සහ මනුදි පිළිවෙලින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් අංක පහට ක්‍රීඩා කරන පිතිකාරිනියන් වන අතර ඉන් අනතුරුව පැමිණි කිසිවෙකුට ඉලක්කම් දෙකක දායකත්වයක් හෝ ශ්‍රී ලංකා ඉණිමට ලබා දෙන්නට හැකි වුණේ නැහැ.ඉන්දීයාවේ මන්නාත් කාශ්‍යප් කැපී පෙනෙන පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 18 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.
නමුත් ඉදිරි තරගවලදි ශෂිකලා සිරිවර්ධනට මේ කණ්ඩායමේ මනස නිරවුල්ව තබා ගන්නට හැකිනම් මීට වඩා ධනාත්මක වෙනසක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැඟෙන යාමට හැකි වෙනු ඇත.ශ්‍රී ලංකාවට සංයමය බිදි යාම නිසා මේ තරගයේදී අහිමි වූ දුවද්දි දැවීයාම් තුන හො පාලනය කර ගන්නට හැකි වුයේ නම් තරගයේ තීරණය වෙනස් වන්නට තිබිණ.ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ද පන්දුවට පහර දීමේදී මේ ආකාරයට අනවශ්‍යය පීඩනය නිසා නුසුදුසු කළබලවීමකට ලක්වන බව පසුගිය තරගවලදී දකින්නට ලැබුණු අතර කණිෂ්ඨ ක්‍රිඩිකාවන් ආරම්භයේදීම ඒ තත්ත්වයෙන් ගලවා ගන්නට මනා සංයමයකින් පිටියේ හැසිරුණ ක්‍රීඩිකාවක් සේ ශෂිකලාට හැකිවනු ඇතැයි විශ්වාසය තැබිය හැකිය.
ඊයේ පැවති අනෙක් තරගය වූ බටහිර ඉන්දීය අවුරුදු 19 පහළ කාන්තා කණ්ඩායම සහ ඉන්දීය ඒ කණ්ඩායම අතර තරගයෙන් ඉන්දීය ඒ කණ්ඩායම කඩුලු 10 ක ජයක් ලබා ගත්තා.එහිදී කොදෙව් ක්‍රීඩිකාවන් පන්දු ඕවර් 20 තුළ කඩුලු හතකට ලකුණු 85 ට සීමා කළ ඉන්දිය ඒ ක්‍රීඩිකාවෝ පන්දු ඕවර් 12.4 දි කිසිවෙක් නොදැවී ලකුණු 89 ක් එක් කළහ.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...