වැඩිවන ජීවන බරට බර්ලින් හි විරෝධතා

Date:

ඉහළ යන ජීවන වියදම හමුවේ දහස් ගණනින් බර්ලින් ජනතාව වීදි බසිමින් විරෝධතා දක්වන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම විරෝධතාවට එරට වාමාංශික කණ්ඩායම් ද එක්ව සිටි බවයි. මේ වනවිට ජර්මනිය දැඩි ජීවන වියදම් අර්බුදයයකට මුහුණ දී සිටී.

ආහාර මිල පාලනය කිරීමට ධනවතුන් සඳහා ඉහළ බදු පනවන ලෙසට එරට රජයට බල කරමින් ජනතාව බර්ලින් අගනුවරට රැස්ව විරෝධතා වල නිරත වෙයි.ඊට 3,000 ක පමණ පිරිසක් එක්ව සිටි බව ජර්මානු ආරක්ෂක අංශ පවසයි .

මේ අතර ලබන වසරේ දළ දේශීය නිශ්පාදිතය 0.4% ක හැකිලීමක් සිදුවනු ඇතැයි වත්මන් රජය පුරෝකතනය කර තිබේ. එරට ඉහළ යන බලශක්ති මිල ගණන් අවම කර සිටීමටද ජර්මානු රජය ප්‍රයත්න දරා ඇති බව වාර්තා වේ. ඒ ලබන වසරේදී බලාත්මක වන පරිදි ගෑස් සහ විදුලි බිල සඳහා අර්ධ සීමාවක් පනවමිනි.

මේ අනුව ඉතා ශීඝ්‍රයෙන් ලෝකයේ බලවත් රටවල් පවා උද්ධමනයේ ගොඳුරක් වන බව නම් නිසැකය.

රෂිකා හෙන්නායක – Outbound Today

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහාරමහ දේවී එළිමහන් රංග පීඨයේදි පැවැති 36වැනි ඉල්මහ විරු සමරුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : අද (13) ...

“11-11” මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීමේ පරිමාව වාර්තාගත ලෙස ඉහළට!

කොළඹ LNW: "11-11" මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ...

මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල...