ත්‍රස්ත පනතින් රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (14) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ය.

එහිදී හඳුනාගැනීමේ පෙරෙට්ටු කිහිපයකට ඉදිරිපත් කළයුතු බව පවසමින් ඔහුගේ මුහුණ ආවරණය කර අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය කටයුතු කර තිබුණු නමුත් එම පෙරෙට්ටුවලට අදාළ නඩු මොනවාදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ විට එවන් කිසිදු නඩුවක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අපොහොසත්ව ඇති බව වාර්තා විය.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත වසන්ත මුදලිගේව මෙසේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නමුත් ඔහුව කෙසේ හෝ තවදුරටත් රඳවා තබාගෙන සිටීමේ අරමුණින් යුතුව පොලිසිය කූඨ උපක්‍රම භාවිතා කරමින් සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණු අතර එම කරුණ ද නඩු වාර්තාවට ඇතුළත් කරගෙන ඇති බව සඳහන්.

වසන්ත මුදලිගේව නැවත නොවැම්බර් 18 වනදා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියම කර ඇති අතර එතෙක් ඔහුව නැවතත් රැඳවුම් භාරයට පත්කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...