*
Friday, November 22, 2024
spot_img

Latest Posts

වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත්! සවස් වරුවේ වැසි – අද (14) කාලගුණය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවත්,එම නිසා උතුරු, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව,දකුණු, මධ්‍යම,උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වන අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

මේ අතර දිස්ත්‍රික්ක 6 ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඕපනායක, ගොඩකවෙල, කුරුවිට, ඉඹුල්පේ, වැලිගෙපොල, ඇලපාත, රත්නපුර, ඇහැලියගොඩ, කොලොන්න සහ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි.

බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 යටතේ ද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14, 225 ක් නාය යාමේ අධිඅවදානමේ පවතින බව හඳුනාගෙන ඇත.

නායයාම් හා අපාදා කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ, නිවාස 5000ක පමණ ජනතාව ඉවත් කර ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ, නායයෑමේ අවදානම් සහිත ස්ථානවලින් පුද්ගලයින් 50,000ක් පමණ ඉවත් කර ඇති බවයි. ඒ අනුව මාතර, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව එලෙස ඉවත් කර ඇත.

නාය යාමේ තර්ජනයට ලක් වූ නිවාස 1685ක ජනතාව නැවත පදිංචි කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan