ගුවන් ගමන අතරතුරදී නයිජීරියානු මගීන් 264 කගේ වීසා අවලංගු වෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි අරාබිය වෙත ගුවන් යානයකින් ගමන් කරමින් සිටි නයිජීරියානුවන් 170 කට වැඩි පිරිසක්, වීසා බලපත්‍ර හදිසියේ අවලංගු කළ බව වාර්තා වීමෙන් පසු , ආපසු හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නයිජීරියාවේ ලාගෝස් සහ කැනෝ නගරවලින් පිටත්ව ගිය මගීන් 264 දෙනෙකුට වීසා බලපත්‍ර ලැබී ඇති අතර, ගුවන් යානයට ගොඩවීමට පෙර ඔවුන්ව දැඩි පරීක්‍ෂණවලට භාජනය වී ඇති බව වාර්තා වේ. නමුත්, සියලුම වීසා බලපත්‍ර අවලංගු කර ඇත්තේ ඔවුන් ගුවනින් ගමන් කරන අතරතුරදී බවයි වාර්තා වන්නේ .

ඔවුන් පැමිණෙන විට, සෞදි බලධාරීන් ඇතුළුවීම ප්‍රතික්ෂේප කළ බවත්, නැවතත් නයිජීරියාවට යන ලෙස ඔවුන් රැගෙන ආ ගුවන් සමාගමට උපදෙස් දුන් බවත්, විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර , සෞදි බලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් දක්වා නොමැති බවද පැවසේ.

පසුව ,සෞදි අරාබිය එහි නයිජීරියානු තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පසු මගීන් 87 දෙනෙකුට ඇතුළු වීමට අවසර දුන් බව වාර්තා වන අතර, සඳුදා රාත්‍රියේ 177ක් නයිජීරියාවට යවා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...