ඔලිම්පියන්ස් කෙනෙක් පළමුවරට පාර්ලිමේන්තුවට?

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 15,(LNW) කොළඹ :

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරග නියෝජනය කළ ක්‍රීඩකයෙකු පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බවට නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.මේ වන විටත් මීටර් 400 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වන 44.61 ශ්‍රී ලංකා වාර්තාව දරන්නේ ද සුගත් තිලකරත්න ඒ ආකාරයෙන් ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වනු ඇතැයි එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය,ආසියානු ක්‍රීඩා උළෙල මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය යන තරගාවලි තුනෙන්ම පදක්කම් දිනා ගැනීමේ දුෂ්කර කාර්යය ඉටු කර තිබෙන සුගත්,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස ද නිලවරණයෙන් පත්ව කටයුතු කළේය.

නුවරඑළිය විදුලිපුර විද්‍යාලයෙන් උගත් සුගත් වර්ථමානයේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන අතර ජාතික ජන බලවේගය නිර්මාණය වීමට ප්‍රථමත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිය අයෙකි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...