ඔයගොල්ලෝ එකතු වෙලා රෝහිණි මන්ත්‍රීතුමිය විනාශ කළා!

Date:

කොළඹ LNW:වතුකම්කරුවන්ට වැටුප් වැඩිකිරීමේ කාරණයට විරුද්ධත්වයක් නොමැති අතර ඊට අවශ්‍ය සහය ශක්තිය අනිවාර්යයෙන් දෙන නමුත් විපක්ෂය ලෙස පැවතියේ වෙනත් ප්‍රශ්නයක් බව අද (15) පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය.

වතු සමාගම්වල ලාභාංශ සභාගත කරමින් මන්ත්‍රීවරයා පැවසුවේ වතුකම්කරුවන් වෙත යම්කිසි දීමනාවක් දෙන්නේ නම් එය සම්පූර්ණයෙන්ම ඉටු කිරීමේ හැකියාව සමාගම් සතුව පවතින බවයි.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය විසින් මේ ප්‍රශ්නයේදී රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියව විනාශ කළ බව ඔහු සඳහන් කරන ලදී.

”අපිට තිබුණ ප්‍රශ්නය ඕක නෙවෙයි. මගේ ළඟ සමාගම් ටික තියෙනවා. සමාගම් සියල්ලම ගත්ත ලාභාංශ මම සභාගත කරනවා හැන්සාඩ් කරන්න. මේ හැම සමාගමක්ම බිලියනකට වැඩිය අදායම් අරගෙන තියෙන ආයතන. මේ අය ගෙව්ව නම් යම්කිසි ප්‍රමාණයක් මේ අයටම පුළුවන් මේකෙන් බිලියන 5ක් 6ක් කිසි ගැටළුවක් නැතුව මේ රටේ වතුකම්කරු ජනතාවට දෙන්න. ඒ වගේම අනික් පැත්තෙන් අපි කිව්වේ මේ අයට අවුරුදු ගාණක් තිබුණ ප්‍රශ්නය විසඳන්න දෙන්න තියෙන්නේ ඇත්තටම ඔවුන්ට සහන දීමනාවක් හෝ වෙනත් කාරණයක්. හැබැයි මේ රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය අල්ලගෙන තමුන්නාන්සේලා ඒ මන්ත්‍රීතුමියව විනාශ කෙරුවා. මොකද හේතුව වෙන හේතුවක් නිසා නෙවෙයි එතුමිය කිව්වේ මේක නිවැරදිව කරමු කියන කාරණය පමණයි කිව්වේ. මේකට විරුද්ධ වෙලා කවුරුත් කතා කළේ නැහැ” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර...

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...