ඊශ්‍රායලයේදී ඝාතනයට ලක්වූ තරිඳු ශානකගේ දේහය පිළිබඳ තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW :

පසුගියදා, ඊශ්‍රායලයේදී ඝාතනයට ලක්වූ තරිඳු ශානකගේ දේහය වෝහාරික වෛද්‍ය පරිෂණය සඳහා යොමු කොට ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඔහුගේ බිරිදගේ ලිඛිත අවසරය ලද පසු දේහය පිළිබඳව මරණ පරීක්ෂණය සිදු කර අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කෙරෙනු ඇති බවත්, සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පරීක්ෂණ අවසන් වන තුරු ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකරනු ඇති බවද ඔහු පැවසුවේ ය.

දී ඊයේ (14) දින ඒ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු අනෙකුත් නිලධාරීන් හා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන් අතර ටෙල්අවිව්හි සලාමේ පොලිස් ස්ථානයේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ එහිදී ඝාතනයට ලක්වූ තරිඳු ශානක සමග සේවය කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද ප්‍රශ්න කිරීම සඳහා එම පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබු බවය.ඔවුන් ප්‍රකාශ කළ තොරතුරු අනුව එම නවාතැනේ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු පදිංචිව සිට ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇතුලු ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඔවුන්ගේ නවාතැන ආසන්නයේ ඇති උද්‍යානයේ රාත්‍රී 11.00 පමණ මත්පැන් පානය කොට ඇති බව තානාපතිවරයා පැවසුවේ ය.

එහි සිටි ශ්‍රී ලාංකිකයෙකු ප්‍රකාශ කර ඇත්තේ, තරිඳු ශානක ශාරීරික අවශ්‍යතාවක් සඳහා උද්‍යානයේ සීමාවට ගොස් සිටියදී තවත් අයෙකු හා ගැටුමක් ඇති කරගත් හඬ ඇසුණු බවත්, තමන් යළි නවාතැනට පැමිණ ශ්‍රී ලාංකික මිතුරන් කැඳවාගෙන පැමිණි අවස්ථාවේ තරිඳු ශානකගේ ගෙල කපා මරා දමා සිටින අයුරු දුටු බවත්ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ගාල්ල කොන්ඩගල, බටපොළ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවා සඳහා ගොස් ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් පාරිභෝගික ගුවන් සමාගම් සඳහා ස්වයං-පරීක්ෂා කිරීමේ සේවාවක්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ශ්‍රීලංකන් ගුවන් සේවයේ...

හදිසියේම නාමල් ITAK මහලේකම් හමුවූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගය...