කොළඹ LNW: බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වල දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 36 වෙනි ඉල්මහ විරු සමරුවේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් එක්සත් ජාතික පක්ෂය මෙම නිවේදනය නිකුත් කර තිබේ.
”අපේ ඔළුවට ඔටුන්නක් වැටුණේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යයි ජනාධිපතිවරයා ඉල්මහ විරු සමරුවේදී කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රශ්න කර සිටියි.
ඒ අනුව එජාපය සිය නිවේදනය හරහා මතුකරන්නේ ජනාධිපතිවරයා විසින් සිහිපත්කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ ඔටුනු පැළඳි පාලනය යළි ස්ථාපිත කිරීමක් ගැනද යන්නයි.
මේ අතර ජනාධිපතිවරයා විසින් 36 වෙනි ඉල්මහ විරු සමරුවේදී කළ මෙම ප්‍රකාශය නිල නිවේදනයට ඇතුලත් කර නොතිබුණු අතර එයද හිතාමතාම සිදුකරන ලද්දක් බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.
ඒ අනුව එජාපය සිය නිවේදනය හරහා තවදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සිය කතාව හරහා යෝජනා කරන්නේ බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ පලනයකට ගොස් ජනරජ ව්‍යවස්ථාව ඉවත් කිරීමටද යන්න පිළිබඳවද යන්නයි.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළද ඔහුට වැඩි ජන්ද ප්‍රමාණයක් හිමිවුවද බහුතර බලයක හිමි නොවුණු පලකයෙක් බවද අමතක නොකළ යුතු බව එජාපය සිය නිවේදනය හරහා ප්‍රකාශ කරයි.
”අනුර කුමාර දිසානයක මහතා දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත් ජනතාවගේ පරමාධිපත්‍යත් ආරක්ෂා කරන බවටය. මෙරට දෙවෙනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්තාවේ සඳහන්ව තිබූ වගන්ති අනුවය. ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරණයක් ද ඇතුළත් කරනු ලැබිණ. ”
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩොමිනියන් රාජ්‍යයක් ලෙස වන අතර 1972 ජනරජ ව්‍යවස්ථාව මඟින් ඊට පෙර පැවති රාජකීය හනතුරු පනත මඟින් පනවා තිබූ බ්‍රිතන්‍ය කිරීටය අහෝසි වීම සිදු විය. ඒ අනුව එලිසබෙත් රැජිණගේ රැජිණ තනතුර අහෝසි වූ හෙයින් එතැන් පටන් ජනරජය ආරම්භ විය.
එහෙත් දැන් වත්මත් ජනාධිපතිවරයා උත්සහ කරන්නේ තනි පක්ෂ පාලනයකට ගොස් ජනරජ ව්‍යවස්ථාව ඉවත් කිරීමටද යන්න ප්‍රශ්නයක් පවතින බව එක්සත් ජාතික පක්ෂය සිය නිවේදනය මගින් තවදුරටත් මතුකර දක්වයි.
