අයවැයකින් සිදුකෙරෙන්නේ ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමක් බවත් වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ එම ප්‍රතිපත්ති සහ ඉලක්ක සම්බන්ධයෙන් ආණ්ඩුවට තාර්කික විශ්ලේෂණයක් සහ ක්‍රියාකාරී සැලැස්මක් පවතින්නේද යන්න බවත් ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසයි.
“ඉස්සෙල්ලාම මං හිතන්නෙ අපි කතා කළයුත්තේ කෙටිකාලීනව අද තියෙන ප්‍රශ්නවලින් ගොඩයන්න අපට යම්කිසි ප්ලෑන් එකක් තියෙනවාද ? ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ ප්ලෑන් එක අපි දැකලා නෑ. මොකද අයවැයක් කියන්නේ ප්‍රතිපත්ති කීපයක්. දැන් ප්ලෑන් එකක් කියන එකයි ටාගට් එකක් කියන එකයි වෙනස්. IMF එක ගැන අපි නිතර කතා කරලා තියෙනවා. IMF එකත් සමග සම්බන්ධ වෙලා අපි ටාගට් හදලා තියෙනවා. හැබැයි ඒ ඉලක්කවලට එළඹෙන්න සැලැස්මකුත් තියෙන්න ඕනෙ. සැලැස්මක් කියන්නෙ ඒ ඉලක්කය දිහා බලලා යම්කිසි තාර්කික විශ්ලේෂණයක් තුළ අපි ක්‍රමවේදයක් හදාගන්නවා ඒ ඉලක්කයට සාර්ථකව එළඹෙන්නෙ කොහොමද කියලා. මීට පෙර අපි IMF වැඩසටහන් දිහා බලපුවාම කවදාවත් ඒ ඉලක්කවලට එළඹිලා නෑ. වැඩේ වැරදිලා. ඒ වැරදෙන්නේ විශ්ලේෂණාත්මක සැලැස්මක් නැතුව වැඩකිරීමෙන්. ඉතින් මේ අයවැය ඉදිරිපත් කළාම අපි ඇසිය යුතු පළමු මූලික ප්‍රශ්නය මේකයි, ප්‍රතිපත්තිය මොකක්ද කියන එක නෙවෙයි. මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට විශ්ලේෂණයක් තියෙනවාද ? ඒ විශ්ලේෂණය ජනතාවට රටට ඉදිරිපත් කරලා තියෙනවාද ? එහෙම විශ්ලේෂණයක් නැති තැන ඒ ප්‍රතිපත්ති රටට විසඳුමක් හැටියට සැලකීම අවදානම් සහිතයි. ඒක හරියන්නත් පුළුවන්, වැරදෙන්නෙත් පුළුවන්, අපි දන්නෙ නෑ”
ප්‍රශ්නය – ඒ කියන්නෙ අපට මේ වෙලාවේ ඇක්ෂන් ප්ලෑන් එකක් නැහැ කියලාද කියන්නෙ ?
“අවුරුදු දහයක් – පහළවක් තුළ එහෙම ප්ලෑන් අපි දැකලා නෑ. ආණ්ඩුව එහෙම ප්ලෑන් ඉදිරිපත් කරන්නෙ නෑ. හොයාගෙන ගියාම, තොරතුරු දැනගැනීමේ නීතිය තුළ ඉල්ලුවාම, එහෙම ප්ලෑන් ලැබෙන්නෙත් නෑ”
ආචාර්ය නිශාන් ද මෙල් මහතා මේ බව පැවසුවේ ඊයේ (14) දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.
RN