සියලු PTA රැඳවියන් නිදහස් කරනු! නමින් ජන උද්ඝෝෂණයක් අද

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේකැඳවුම්කරු සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් අද (15)දින සවස නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

ගෝල්ෆේස් අරගලකරුවන් විසින් මෙම උද්ඝෝෂණ ව්‍යපාරය සංවිධානය කොට තිබූ අතර වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් මෙම 18 වෙනි දිනට පෙරවහා නිදහස් කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසත් රජයට බල බලකර සිටීම මූලික අරමුණ විය.

උද්ඝෝෂණ ව්‍යපාරය අවසානයේ උද්ඝෝෂණකරුවෙකු විසින් මෙගාපෝනයක් මඟින් පිරිස අමතමින් සිටිය දී එම ස්තානයට පැමිණි උසස් පොලිස් නිළදාරියෙකුවිත් එයට බාධා කල අතර ඒ අවස්ථාවේදී උද්ඝෝෂණයින් හා පොලීසිය අතර උණුසුම් කාරී තත්වයක්ද ඇති විය.

පසුව උද්ඝෝෂණකරුවන් විසිර යාමට සැරසෙද්දී පොලිස් නිළදාරියෙකු විසින් කාන්තාවක් අත තිබූ එම මෙගාපෝනය බලහත්කාරයෙන් රැගෙන ත්‍රස්ත විමර්ශන කාර්‍යාලය පිහිටි ගොඩනැගිල්ල වෙත යනු දක්නට ලැබුණි.



සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර...

කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

සටහන - රුවන් නෙළුගොල්ල කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය...

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

සටහන - රුවන් නෙළුගොල්ල තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින...

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...