කොළඹ (LNW) : ලාංකික සාහිත්‍ය වංශයේ රන් අකුරින් ලියැවෙන සාහිත්‍යමය මැදිහත් වීමක් සර් ගොඩගේ අත්පිටපත් තරගය, සිංහල සහ දෙමළ සාහිත්‍යය උදෙසා පිරිනමනු ලබන ජාතික සම්මාන උළෙලයන් හි දී ප්‍රවීණයන් හා සමග කරට කර තරගයක නිරතවන සාහිත්‍ය නිර්මාණකරුවන් බිහි කිරීමේ තිඹිරි ගෙයක් ලෙසින් නාමකරණය වෙමින් තිබේ. පසුගිය වසර සඳහා කැඳවන ලද අත්පිටපත් වෙනුවෙන් කරනු ලබන ඇගයීම් කටයුතු නිම වී අවසන් වටයට කෝරාගත් අත්පිටපත් සියල්ලම මුද්‍රණයෙන් පළ කිරීමට අපි කටයුතු යොදා ඇත්තෙමු.
ඒ අනුව 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහී, ප්‍රශස්ත සහ අවසානවටයේ නියෝජනය සහිතව මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වන කෘති ලැයිස්තුව පහත දක්වමු. එම කෘති සියල්ලම මේ වනවිට ගොඩගේ ප්‍රකාශන ලෙස මුද්‍රණය වෙමින් පවතින අතර එළැඹෙන සැප්තැම්බර් මාසයේ වෙළඳ පොළට මුදා හැරෙනු ඇත.
1. නවකතා අංශය – ජයග්‍රාහි අත්පිටපත
බද්ධ – නිරංජලා සරෝජනී
ප්‍රශස්ත පිටපත – එක වගේ කුරුල්ලෝ – තිලක් පතිරණ

2. කෙටිකතා අංශය – ජයග්‍රාහී පිටපත
මනු සත්තු – චින්තක විරේන්ද්‍ර
ප්‍රශස්ත පිටපත – ඇහිපිල්ලමකින් කිතිකවන්න – ප්‍රනීත් චානක මුරමුදලි

3. යොවුන් නවකතා – ජයග්‍රාහි පිටපත
වරුන් සහ වසන් – සරත් මුණසිංහආරච්චි
ප්‍රශස්ත පිටපත – ටෙටා – නිශ්මං රණසිංහ

4. කාව්‍ය සංග්‍රහ – ජයග්‍රාහි පිටපත
10* 12 දහයයි දොළහ – සංජීව මුණමල්පේ

අවසාන වටයේ නියෝජනය යටතේ මුද්‍රණය වූ කෘති ඇමුණුම් සටහනේ දැක්වේ.
ඉංග්‍රීසි සහ දෙමළ අංශයේ ප්‍රතිඵල පසුව නිකුත් කෙරේ.
විද්‍යා ප්‍රබන්ධ අංශයේ ඇගයීම් ලද කෘති තුනක් තෝරා ගෙන ඇති අතර එම නාම ලේඛනය සහ මුද්‍රිත පිටපතේ කවර පසුව නිකුත් කෙරේ.
මෙහි දැක්වෙන කෘතිහි කර්තෘන්හට පහත දැක්වෙන පරිදි සම්මාන බුහුමන් ලැබෙන අතර මේ වසරේ ඉදිරි මාසයක තෝරා ගත් දිනයක සම්මාන උත්සවය පැවැත්වෙනු ඇත.
ජයග්‍රාහි කෘති සඳහා – මුල්‍ය තාග්‍යයක්, සම්මාන ඵලකයක් , සහතික පත්‍රයක් සහ පොත් කට්ටලයක් ද,
ප්‍රශස්ත කෘති සඳහා – පොත් වව්චරයක්, සහතික පත්‍රයක් සහ පොත් කට්ටලයක් ද,
අවසාන වටයේ නියෝජනය යටතේ මුද්‍රණය කෙරෙන කෘති සඳහා – සහතික පත්‍රයක් සහ පොත් කට්ටලයක් ද,
ත්‍යාග වශයෙන් පිරිනමනු ඇත. ඊට අමතරව මුද්‍රිත පොත් සියල්ලෙහි කර්තෘන්හට අනුමත කර්තෘ භාගයට හිමිකම් ලැබෙනු ඇත.
මෙම තරගයේ ජයග්‍රාහකයන්හට ගොඩගේ ප්‍රකාශන ආයතනයේ උණුසුම් සුබ පැතුම් පිරි නැමේ.
මෙම අත්පිටපත් තරගයේ සමීක්ෂණ කටයුතුහි ලා සහාය වූ සමීක්ෂක මණ්ඩලයටත්, තරගයට සහභාගී වූ සැමටත් අපගේ ස්තුතිය පිරිනැමේ.
2023 වසර සඳහා අත්පිටපත් බාර ගැනීම ඉදිරි දිනක දී ප්‍රකාශයට පත් කරනු ඇත.
අනුරසිරි හෙට්ටිගේ
සංවිධායක – ගොඩගේ අත්පිටපත් තරගය 2022
