තිස් හතරවෙනි ඉල් විරු සමරුව ….

Date:

ප්‍රේමකිරිති ද අල්විස්, විජේකුමාරතුංග වැනි මිනිසුන්ව ඝාතනය කොට දැන් ඒ ඝාතන යුක්ති යුක්ත කරගැනීමට නොහැකිව ඒවා කලේ අපි නොවේ යැයි කියමින් ඇඟබේරාගන්න එක නම් දැන් කරන්න තියෙන්නෙ මොනවද ඒ අරගලයේ අපිට දැන් සමරන්න තියෙන්නෙ ..
.
ඉන්දියාව මැදිහත් වෙලා කරපු පලාත්සබා පිහිටුවීමට එරෙහිව නම් එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් සන්නද්ධ බලකාය පිහිටුවව්වේ අද අවුරුදු තිස් ගානකට පස්සෙ කැරකිලා කැරකිලා දහතුන ව්‍යවස්තා ශංශෝදනය පිළිගන්න තැනට අපි ඇවිත් ඉන්නවා නම් දැන් සන්නද්ධ කැරැල්ලෙ සමරන්ට තියෙන්නෙ මොකක්ද…

චන්ද, මැතිවරණ කියන්නේ ධනපති පන්තියේ උගුලක් කියපු අපිට අවුරුදු තිස්ගානකට පස්සෙ චන්දේ තමා බලය සඳහා හොඳම මාවත කියන එක අවබෝධ උනාට පස්සේ දැන් මොකක්ද සන්නද්ධ විප්ලවයෙ සමරන්න තියෙන්නේ…

රාජ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව මරාගෙන මැරුන අපිට අවුරුදු තිස්ගානකට පස්සේ විදේශ අධ්‍යාපනය ලැබීම සඳහා රටින් පිටට යන අය සමඟ රටින් එළියට යන සල්ලි කන්දරාව රට තුල රඳවාතබාගැනීමට නම් ලංකාවේ පෞද්ගලික සරසවි සඳහා අවස්තාව දියයුතු බව අපිට තේරුනා නම් ඊට සස්සෙ වෙනුරගේ, බාලේගේ, විජේසූරියගේ, ත්‍රීමාගේ, මේ ලිස්ට් එකේ සමරන්ට තියෙන්නේ මොකක්ද ..

මේ සියවසේ අද්විතීය දාර්ශනිකයෙකුවූ ෆෙඩ්‍රික් ඒංගල්ස්ගේ වැකියකින් මා මේ ලිපිය අවසන් කරමි….

” අතීතය පිළිඹඳ නිවැරදි විග්‍රහය පැමිණෙන්නේ වර්තමානයේදිය, වර්තමානය ගැන නිවැරදි විග්‍රහය දැනගත හැක්කේ අනාගතයේදීය, හැබැයි එහිදී දෙවියන්ද සාතන්ද මාරුවී තිබිය හැකිය….”

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!