Monday, December 4, 2023
spot_img

Latest Posts

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී සිදුවිය.

එහි දී දෙපාර්ශ්වය අතර වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වත්මන් ජනාධිපතිවරයා විසින් 2024 වසරට අදාළව ඉදිරිපත් කර ඇති විසර්ජන පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් වරයාව දැනුවත් කරන ලදී. විශේෂයෙන් පසුගිය වසරේ අයවැය යෝජනාවත් හරිහැටි සම්පූර්ණ කරගත නොහැකි තත්ත්වයක් තුළ මෙවර අයවැය ඉදිරිපත් කර ඇති බවත් එය ජනතාවගේ පැත්තෙන් අවාසිදායක අයවැයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

තවද වත්මන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කරමින් දිගින් දිගටම මැතිවරණ කල් දැමීම සිදු කර ඇති බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා හමුවේ පවසන ලදී.

මේ අවස්ථාවට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලලිතා කපූර් මහත්මිය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් එක්වූහ.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.