පාසලක තාප්පයක් කඩා වැටී දරුවෙක් මියයයි! තවත් 06 ක් රෝහලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරට ලක්වී ඇත්තේ එම පාසලේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වන අතර, අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...